Featured Post

සිතූ පැතූ ලෙස වැසි ඇතිකරන වැසි පිරිත Wasi piritha


wasi piritha
wasi piritha

 
කාලෙකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න හිතුවා. ඒ කාලේ ඉදන් හිටපු බ්ලොග් එකේ යාවජීව සාමාජිකයෝ නම් දැන් පවුල් පන්සල් වෙලා පිටරටවල් වලට ගිහිල්ලා අලුත්ම ලෝක වල ඇති කියලා මම හිතනවා. ඒ කවුරුහරි මේ පොස්ට් එක කියවනවා නම් ඔබේ ජිවිතයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද පැහැදිලි කරන්න තීරණය කලේ වැස්ස පාලනය කිරීම ගැන. මිට කලින් බ්ලොග් පොස්ට් කීපයකින් මම සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය මිනිස්සු තමන්ට පාලනය කල නොහැකි දේවල් කියලා හිතන් ඉන්න දේවල් රැසක් තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කරගන්න ක්‍රම කියලා දීලා තියෙනවා. මරණය පාලනය කරගෙන දිර්ඝායුෂ ලබන විදිය පවා මම කලින් පැහැදිලි කළා. 

සාමාන්‍ය ජිවිත ගත කරන පුද්ගලයන් කවදාවත් නොහිතන නමුත් ආධ්‍යාත්මික පුද්ගලයන්ට ඉතා පහසුවෙන් පාලනය කරන්න පුළුවන් ස්වභාවික සංසිද්ධියක් තමයි වැස්ස. ආපෝ කසිණය වගේ භාවනා වලින් ධ්‍යාන ලැබූ කෙනෙක්ට ඉතා පහසුවෙන්වැසි ඇතිකරන්න හෝ නවතන්න පුළුවන්. ඊට අමතරව ඕනෑම භාවනාවකින් සිත එකග කල කෙනෙක්ට පියවර කීපයක් ඔස්සේ ගිහින් වැසි ඇතිකරන්න හා නවත්තන්න පුළුවන්.

නමුත් මේ ලිපියෙන් මම පැහැදිලි කරන්නේ එවැනි ඉහල මානසික තලයකට පත් නොවුණු ඕනෑම සාමාන්‍ය මනසක් සහිත කෙනෙකුට වැසි නැති කාලයකදී වැසි ඇතිකරගන්න විදිය ගැන. ඒ තමයි වැසි පිරිත භාවිතය. පිරිත් ලෙස භාවිත වෙන්නේ බුද්ධ දේශනාවන් මයි. නමුත් ඒවායේ අර්ථය තේරුම්ගැනීමට සිමා නොවී ඒවායේ ශබ්ද විද්‍යාත්මක බලය භාවිත කරලා විවිද දේ සිදුකරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. 
නිවැරදිව භාවිතා කිරීමෙන් පිරිතක් මන්ත්‍රයකින් සිදුවන දේ ඉෂ්ට කරගන්න පුළුවන්. 
නුතන පණ්ඩිත බෞද්ධයන් මෙවැනි දේ බොරු දේවල් කියලා ගරහනවා, එහෙම නැත්තම් පිරිත් තියෙන්නේ සජ්ජායනා කරන්න නෙවෙයි අවබෝධ කරන්න කියලා කියනවා.
නමුත් සැබෑ ආධ්‍යාත්මික භික්ෂුන් හා ගිහියන් පිරිත අවශ්‍ය වෙලාවේදී අවබෝධය සදහාත් අවශ්‍ය වෙලා වලදී ශබ්ද විද්‍යාත්මක කටයුතු සදහාත් භාවිතා කරනවා.

පිරිත් තියෙන්නේ සජ්ජායනා කරන්න නෙවෙයි කියන පණ්ඩිත දාර්ශනික බෞද්ධයන් ගැන හොයලා බැලුවොත් ඒ අය දන්න අර්ථයකුත් නැති බව දකින්න ලැබෙයි.

ඒ නිසා ඒ වගේ ධර්මයේ භාගයක් විතරක් යන්තම් අතගාලා සියල්ල දත් විදියට  මහා දාර්ශනික කතා කරන බාගේ බෞද්ධයන්ගේ මත වලට හිරවෙන්න එපා.
 

කොහොම වුනත් ඔබට වැස්සක අවශ්‍යතාවක් තියෙනවා නම් දිනපතා දින කීපයක්  බුදුන් වැදීමෙන් පස්සේ වැසි පිරිත සජ්ජායනා කලොත් නියං කාලෙකදී වුනත් වැසි ඇතිවෙන බව අත්දකින්න ලැබෙනවා.


මේ සදහා ඔබ පන්සිල් රැකීම අනිවාර්යයි. 

ඒ වගේම දිනපතා බුද්ධ පුජා තබා බුදුන් වන්දනා කිරීම කල යුතුයි.

ඒ වගේම ඔබ ගුණවත් පුද්ගලයෙක් විය යුතුයි. පන්සිල් රකිමින් ඉදිමින්ම අනුන්ට කෙනෙහිලි කම් කරන අසත්පුරුෂයෝ ඕනෑතරම් ඉන්නවා. එවැනි අයට පන්සිල් රැක්කත් මෙයින් ප්‍රතිපල ලැබෙන්නේ නෑ.

බුද්ධ පුජාවෙන් පස්සේ දිනපතා පිරිත් සජ්ජායනා කිරීමත් කල යුතුයි.
අඩුම තරමින් මහා මංගල සුත්‍රය-රතන සුත්‍රය  -කරණිය මෙත්ත සුත්‍රය -ධම්මචක්ක පවත්තන සුත්‍රය -ධජග්ග සුත්‍රය සජ්ජායනා කල යුතුයි. මේ සුත්‍ර පහ සජ්ජායනා කරන්න යන්නේ විනාඩි 25ක් වගේ කාලයක්.

ඊට පස්සේ තමයි වැසි පිරිත සජ්ජායනා කරන්න ඕනි. 

hhh 
වැසි පිරිත
වැසි පිරිත 


වැසි පිරිත  9 වරක් හෝ 21 වරක් සජ්ජායනා කරන්න.


ඊට පස්සේ ඒ සියලු පින් ඔබ අදහන දෙවියන්ට හා වැස්ස වලාහක දෙවියන්ට අනුමෝදම් කරන්න. 


වැසි පිරිත සජ්ජායනා කලාම වැසි ඇතිවෙන්නේ වැස්ස වලාහක දෙවියන්ගේ බලපෑම මගින්. 
වැස්ස පාලනය කල හැකි වැසි වලාකුළු හා අහස ආශ්‍රය කරගෙන ඉන්න වැස්ස වලාහක කියන දේව කොට්ඨාශයක් ඇත්තටම වාසය කරනවා.
ඒ බව  බුදුරජාණන් වහන්සේම  දේශනා කරලත් තියෙනවා.

වැස්ස වලාහක දෙවියෝ රමණයේ යෙදෙද්දී හා ක්‍රීඩා කරද්දී වැසි ඇතිවෙන බව බුද්ධ දේශනා වල තියෙනවා කියමින් ඒ කරුණු වල හිනාවෙන දාර්ශනික බාගේ බෞද්ධයන් මේ කාලේ ඉන්නවා. 

පණ්ඩිතයාට එදන්ඩේ යන්න බෑ කියනවා වගේ මේ බෞද්ධ පණ්ඩිතයන්ට මේ වගේ සුත්‍ර දේශනා වල ඇති කරුණු ප්‍රයෝජනයට ගන්න බෑ. 
ධර්ම කරුණෙහි ඇද කුද හොයන එක තමයි ඒ වගේ පණ්ඩිත බෞද්ධයන් කරන්නේ.
හැබැයි ඇත්තටම ආධ්‍යාත්මික බෞද්ධයන් කරන්නේ මේ කරුණ ඇත්තද බලන්න ඒ කරුණ පරික්ෂා කරන එක. එහෙම නැත්තම් ඒ ධර්ම කරුණු  භාවිතා කරන්න උත්සහ කරන එක.
එහෙම උත්සහ කරන කෙනාට "වැස්ස වලාහක දෙවියන් සිටිනවා නම් මේ වෙලාවේ වැසි ඇතිකරලා මට පිහිටවෙන්න " කියල ඉල්ලලා බලන්න හරි හිතෙනවා.

ඒ විදියට පරික්ෂා කරන කෙනාට පණ්ඩිතයන් බොළද දෙයක් කියා හෑල්ලු කරන දේ තුල ඇති සත්‍යතාව අත්දකින්න ලැබෙනවා.
එහෙම අත්දැකපු කෙනා කරන්නේ ඒක තමන්ට අවශ්‍ය විදියට භාවිතා කරලා අවශ්‍ය වෙලාවට වැසි ලබාගැනීම.
හෑල්ලු කරමින් ගරහපු පණ්ඩිතයන් මැරෙනකම්ම "ඕවා බොරු කතා" කියමින් අවුවේ වේලෙනවා....


මගේ බ්ලොග් අඩවියේ පල කල සියලු දේ වගේම මේ වැසි පිරිත භාවිතයත් මම ප්‍රායෝගිකව නැවත නැවත අත්දැකලා, අහඹුවක් නොවන බව සහතික කරගෙන පල කරන දෙයක්.
මෙය පළකරන්නේ මා ගමන් කරන ගමන් මගේ ගමන් කරන එහි ප්‍රයෝජන අත්දකින්න කැමති අයට මගපෙන්වීමක් විදියට.


නමුත් වැසි පිරිත මගින් හෝ භාවනා මගින් වැස්ස තමන්ට අවශ්‍ය ලෙස පාලනය කරද්දී තමන් ගැන පමණක් හිතමින් එය කරන්න එපා.
ඒ විදියට පසුගිය වසරක මම ජිවත් වෙන ප්‍රදේශයට දිනපතා වැසි ඇතිවීමට බලපෑම් කරමින් සිටියදී මට විශේෂ අත්දැකීමකට මුහුණ දෙන්න වුනා. 
දින කීපයකින් පස්සේ මාව මුණගැහෙන මුණගැහෙන සියලු දෙනා මා ඉදිරියේම වැස්සට බනින්න ගත්තා. 
වැසි නිසා වී අස්වැන්න නාස්ති වීම ගැන  ගොවියන් මා ඉදිරියේම වැස්සට දෝශාරෝපනය කළා.
වෙනත් විදියකට කියනවා නම් ස්වභාවික වැසි ඇතිවීමේ රටාවට අනවශ්‍ය ලෙස බලපෑම් නොකර වැසි භාවිත කරන්න කියන පණිවිඩය මට ලැබෙන්න ගත්තා.


මේ නිසා වැස්ස පාලනය කරද්දී ආත්මාර්ථකාමී නොවී ස්වභාවික රිද්මයට අනවශ්‍ය ලෙස බලපෑම් නොකර තමයි එය සිදුකරන්න ඕනි.



වැසි ඇතිවෙන්නේ වැස්ස වලාහක දෙවියන්ගේ බලපෑමෙන් කියන බුද්ධ දේශනාව හෑල්ලු කරන දාර්ශනික පණ්ඩිතයන් ඔයාලා දැකලා ඇති.

මේ විදියට කල්පනා කරලා බලන්න.
ඔබ විවාහක ගිහියෙක් නම් ඔබට පරිසරය සිසිල් කරන්න හා වැසි ඇතිකරන්න හැකියාවක් තියෙනවා නම් ඔබ ඒ හැකියාව අනිවාර්යෙන්ම භාවිතා කරන අවස්ථාවක් තමයි තමන්ගේ සහකරු/ සහකාරිය සමග තනිව එකට ඉන්න වෙලාව.
වැස්සේ සීතලේ එකට ඉන්න කවුද අකමැති?

(මේ දේම තමයි මල්සරා හෙවත් කාම දෙවියන්ව ශිව දෙවියන් තෙවැනි ඇසින් දවා අළු කල කතා පුවතෙත් තියෙන්නේ. ශිව දෙවියන්ට දුර්ගා දේවිය පිලිබඳ කැමැත්තක් ඇතිකිරීම සදහා මුලින්ම කාම දෙවියන් සිදුකලේ ශිව දෙවියන් භාවනා කරමින් සිටි පරිසරය සිසිල් කර වැසි ඇතිකිරීම. madana bhashma(මදන භෂ්ම කියලා සර්ච කරලා කියවන්න ))


කන්දක උඩට නැග්ගම පෙනෙන දේවල් කන්ද පහල ගහක් යටට වෙලා අහස දිහා බලන් කල්පනා කලාට තේරෙන්නේ නෑ.
බුද්ධ දේශනාවේ තියෙන හැම කරුණක්ම ඒ වගේ තමයි.
සුත්‍ර දේශනාවක තියෙන මොකක්හරි කරුණක් මහා බොළද දෙයක් හෝ වෙන්න බැරි දෙයක් කියල හිතෙනවා නම් හොදට මතක තියාගන්න ඔබට තමයි වැරදිලා තියෙන්නේ ත්‍රිපිටකයට නෙවෙයි.



තවත් ලිපි කීපයක් මේ සති කීපයේ පලකරන්න ඉන්නවා. ඒ වගේම මේ වගේ තවත් ආධ්‍යාත්මික රහස් අපේ youtube channel එකෙත් වීඩියෝ විදියට පලකරනවා. කැමති අය ඒ පැත්තෙත් එන්න.. 


Comments