Featured Post

බ්ලොග් එකේ තියෙන පත හෑලි ඇඬියාවන් මොනවද?

kundalini yoga srilanka
kundalini yoga srilanka

දැන් ලංකාවේ හා ලෝකයේ ඕනෑම මතවාදයක් පලවෙන විට ඒ මතයේ සත්‍යතාව පරික්ෂා කිරීම ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. නමුත් 2005 - 2020 අතර කාලයේ ලංකාවේ මහා පරිමාණයෙන් මිනිසුන් මුලා කරන මිත්‍යාවන් හා විකෘතීන් ප්‍රචාරය කළා. ඒ කාලයේ සමාජ ජාල ඔස්තාර් වරුන් හා සියල්ල දත් යුටියුබ් උගතුන් බිහිවෙලා හිටියේ නෑ. ඒ නිසා සියල්ල දත් සමාජ ජාල උගතුන් දැන් කරනවා වගේ ඒ විකෘති මිත්‍යා මත වල සත්‍ය හෙළිදරව් කරන්න පිරිසක් හිටියේ නෑ. ඒ වගේම මේ මිත්‍යා මත වලට අදාළ සත්‍ය හෙළි කරන්න ඒ ක්ෂේත්‍ර වලට අදාළ ප්‍රාමාණික "උගතුන්" ඉදිරිපත් උනෙත් නෑ. 

ධර්ම කරුණු විකෘති කර පැතිරවීම ගැන හෙළි කරන්න භික්ෂුන් ඉදිරිපත් වුනේ නෑ 
බුදුන් ඉපදුනේ ලංකාවේ වගේ පට්ට බේගල් වල සත්‍ය ඉතිහාස හා පුරාවිද්‍යා සාක්ෂි ඉදිරිපත් කරමින් පෙන්නන්න ඉතිහාසඥයන් පුරාවිද්‍යාඥයන් ඉදිරිපත් වුනේ නෑ 
රාවණා ඉතිහාසය කියා වවුල් ගුහා හා  කුකුල් අඩි පෙන්වන විට ඒවායේ සත්‍ය හෙළිකරන්න කොන්දක් තිබුණු විද්වතුන් හිටියේ නෑ 


ඒ නිසා ඒ වගකීම අපට බාරගන්න සිදුවුණා.
 
අදාළ ඉතිහාස , ධර්ම, පුරාවිද්‍යා කරුණු ගැන අපට මුලාශ්‍ර වලින් අධ්‍යනය කරන්න සිදුවුනා. 

පාලි භාෂාව තනියෙන් ඉගෙනගන්න සිදුවුනා. 

සෙල්ලිපි අධ්‍යනය කිරීමට හා බ්‍රාහ්මි අක්ෂර ඉගෙනගැනීමට සිදුවුණා.
 
මන්ත්‍ර ලියා ඇති සංස්කෘත ඉගෙනගැනීමට සිදුවුණා. 

පාලි , සංස්කෘත, බ්‍රාහ්මි භාෂා වලින් ඇති මුලාශ්‍ර සිංහලට පරිවර්තනය කරන්න සිදුවුණා. 

මුලාශ්‍ර සමාජගත කරන්න හා මහජනයාට accessible කරන්න රාජ්‍ය ආයතන පවා මෙහෙයවන්න සිදුවුනා 

ඇතැමුන්ට තමන්ගේ රැකියාවේ කාලය කැප කරන්න වුනා. 

මා ඇතුළු සමහරුන්ට තමන්ගේ උසස් අධ්‍යාපනයට වෙන් කල යුතු කාලය කැප කර විශ්ව විද්‍යාල විෂයන් පවා fail කරගන්න සිදුවුනා. 

ජාතිවාදී ආගම්වාදී  රාවණ චන්ඩින් , හෙළ චන්ඩින් ට විරුද්ධව මත පලකිරීමට විද්වතුන් ඇතුළු පිරිස බිය වූ නිසා ආචාර්ය මහාචාර්ය උගතුන්ට මග පෙන්වමින් මුලින්ම සටනට ගොස් හෙළ චන්ඩින් සමග  සටන් කරන්න හා  අපහාස විදින්න අපට  සිදුවුනා. 

ජාතිවාදී ආගම්වාදී මත ප්‍රචාරය කරමින් තමන්ගේ දේශපාලන ජයග්‍රහණය ඉෂ්ට කරගන්න කටයුතු කල දේශපාලන බලවේග වලට එරෙහිව කටයුතු කරන්න සිදුවුනා. 

භූ දේශපාලන න්‍යාය පත්‍ර වල අවශ්‍යතාවට බලවත් රාජ්‍යයක් විසින් ලංකාව තුල මහා පරිමාණයෙන් විකෘති ඉතිහාස මත පැතිරීමේ ව්‍යාපෘති වලට එරෙහිව කටයුතු කරන්න වුනා. 

රට වටින්ම සියලු ක්ෂේත්‍ර වලින් විකෘතීන් වලට එරෙහිව කටයුතු කරන සාමුහික බලවේගයක් නිර්මාණය කරන්න සිදුවුණා.



මේ කාර්යයන් වල ප්‍රතිපලයක් විදියට තමයි කුණ්ඩලිනි යෝග ශ්‍රීලංකා මෙම වෙබ් අඩවියේ භාවනා හෝ යෝග වලට අදාළ නොවන ලිපි හෙවත් "පත හෑලි ඇඬියාවන්" පල කරන්න සිදුවුනේ. 

හැබැයි ඔය සියල්ල කරලත් කාර්යය කරනවා මිස ලකුණු දාගත්තේ නැති නිසා රටේ බහුතරයක් මෙහෙම දේවල් වුනාද කියලා දන්නෙත් නෑ. කරපු පුද්ගලයින් දන්නෙත් නෑ. 

ලකුණු දාගත්ත චරිත කිහිපයක් හා අපි කපා හෙළිකර තලා සකස් කර දුන් මාර්ගයේ  පසුකාලිනව ගමන් කල "ප්‍රසිද්ද චරිත" හා "විද්වතුන් "  අප කල කාර්යයේ පුරෝගාමීන් බවට පත්වෙන සැටි දකිමින් පැත්තකට වී බලා හිටියා. 


ඉතින් මේ සියල්ල සිදුවුන සමයේ විකෘති වෙමින් පැසවමින් තිබු ලාංකීය සමාජයේ අවදියෙන් නොසිටි, එහෙම නැත්තම් ලංකාවෙ පය ගසාවත් නොසිටි, සියල්ල දත් යුටියුබ් ඔස්තාර් වරුන් දැන් ඉන්න නිසා තවදුරටත් අපිට පත හෑලි ඇඬියාවන් ලිවීමේ අවශ්‍යතාවක් නෑ.

                                                                                Scan this 
kundalini yoga sri lanka
kundalini yoga sri lanka


Comments