- Get link
- X
- Other Apps
Featured Post
- Get link
- X
- Other Apps
බ්ලොග් එකේ total views 200 000 මට්ටමට ඇවිත් තියෙන බව පාටක හැමෝටම සතුටින් දැනුම් දෙන්න කැමතියි. බ්ලොග් එකක් විදියට මේ අඩවිය ආරම්භ කලේ සම්ප්‍රදායික බ්ලොග් එකක් කරනවට වඩා භාවනා යෝග ආදී අධිමානසික හැකියා ලබාදෙන ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින්. මේ වනකම් කාලයක් තිස්සේ භාවනා ක්‍රම වලට මුලිකත්වය දීලා ලිපි පළකරපු නිසා ඉදිරියට භාවනා හා යෝග පිළිබඳව ලිපි පලකරනවාට අමතරව අධිමානසික හැකියා භාවිතයේදී ලැබුණු අත්දැකීම් ගැනත් දෙවිවරුන් හා යෝගීන් ගැන තොරතුරුත් පලකරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මේ කාලයේ මිත්‍යා මත වලින් වැහිලා තියෙන රාවණා සම්බන්ධ සත්‍ය තොරතුරු කතා මාලාවක් විදියට ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
මගේ මේ බ්ලොග් අඩවිය එක්ක එකතු වුන හා ෆේස්බුක් හරහා උදවු කරපු අයටත් විශේෂයෙන්ම භාවනා හා යෝග ක්‍රම කරලා බලපු හා කරමින් අත්හදා බලන හමොටම ස්තුතියි. මේ දේවල් පල කිරීමේ හරය වෙන්නේ මේ දේවල් පරික්ෂා නොකර බැහැර කරන්නෙත් නැතුව අන්ධ භක්තියෙන් පිළිගන්නෙත් නැතුව කරලා බලල අත්හදා බලලා ප්‍රතිපල ලබාගැනීම තුලයි. බුද්ධ ධර්මය යෝග භාවනා වගේ දේවල් රැකෙන්නේ ඒවා කරපින්නාගෙන පම්පෝරි ගැසීමෙන් නෙවෙයි ප්‍රායෝගිකව පුහුණු කිරීමෙන්. ඉතින් සියලු ආකාර වලින් උදවු කරපු අයට ස්තුති කරන ගමන් මේ වෙනකන් මේ දේවල් අත්හදා නොබලපු අයට මේවා කරලා බලන්න කියලත් මතක් කරනවා. කරලා බලලා අනිත් අයටත් මේ දේවල් ගැන දැනුවත් කරන්න උදවු කරන්න කියලත් මතක් කරන්න කැමති.
- Get link
- X
- Other Apps
Comments
එහෙම වෙන්න එපැයි........මිනිස්සුන්ට මේ වගේ වටිනා දේවල් බෙදල දෙනකොට
ReplyDeletebohoma sthuthi
Deleteඑහෙම වෙන්න එපැයි.බෙදල දෙන දැනුම්සම්භාරෙ හැටියට
ReplyDeleteහදවතින්ම සුබ පතමි.ඔබතුමා ලද අත්දැකීම් පිලිබඳව අපට විස්තර කිරීමට ගත් තීරණය ඉහළින් ම අගය කරමි.බාධාවකින් තොරව ඉදිරියට ත් මේ කර්තව්‍යය කරගෙන යාමට අප විසින් ඔබතුමා ට අනුමෝදන් කරන්නා වූ පුණ්‍යකර්මයෝ හේතු වේවා!!!!
ReplyDeletebohoma sthuthi
Deleteහදවතින්ම සුබ පතමි.ඔබතුමා ලද අත්දැකීම් පිලිබඳව අපට විස්තර කිරීමට ගත් තීරණය ඉහළින් ම අගය කරමි.බාධාවකින් තොරව ඉදිරියට ත් මේ කර්තව්‍යය කරගෙන යාමට අප විසින් ඔබතුමා ට අනුමෝදන් කරන්නා වූ පුණ්‍යකර්මයෝ හේතු වේවා!!!!
ReplyDeleteසුභ පැතුම්!
ReplyDeleteකුන්ඩලිනි භාවනාව කරන විට ලැබෙන අත්දැකීම් ප්‍රතමයෙන් ලියන්නේ නම් ඔබතුමාට බොහොම පින් තව තවත් මෙවැනි දේවල් ලිවීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!
ReplyDeleteමගේ සුබපැතුම්!! ඔබ කරන්නේ විශාල සේවයක්, භාවනාව නිවැරදිව ආරම්භ කරන්න හිතාගෙන ඉන්න හැමෝටම මෙම ලිපි ඉතා විශාල උපකාරයක් වේවා!.
ReplyDelete