- Get link
- X
- Other Apps
Featured Post
- Get link
- X
- Other Apps
ආනාපානසති භාවනාව ගැන බොහෝ ලිපි හා පොත් පත් තිබුනත් බොහෝ දෙනෙක් නැවත නැවත මේ ගැන ලිපියකින් පැහැදිලි කරන්න කියල ඉල්ලලා තියෙන නිසා ආනාපානසති භාවනාව ගැන විස්තරාත්මකව පැහැදිලි කරන්න බලපොරෝත්තු වෙනවා. බුදුදහමේ මුලික අංගයක් වන ආනාපානසති භාවනාව බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ලෝකයට හෙළි කරන භාවනාවක්.සතර සතිපට්ටානයට අයත් කායානුපස්සනා භාවනා වලින් මුල්ම භාවනාව ආනාපානසති භාවනාව. ආනාපානසති භාවනාව සමාධිය දියුණු කරගන්න වගේම සත්‍යාවබෝධය උදාකරගන්නත් උපකාර කරගන්න පුළුවන් භාවනාවක්. ආනාපානසතිය දියුණු කරන්න එතරම් ලේසි භාවනාවක් නෙවෙයි. සසර පුරුද්දක් තියෙන අයට ඉක්මනින් හිත එකඟ උනත් ආධුනිකයන්ට ආනාපානසතියෙන් හිත එක්තැන් කරන්න ටිකක් අපහසුයි. ඒ නිසාම වීර්යය සහිතව එකදිගට උත්සහ කලොත් ඉතා ගැඹුරු සමාධියක් ලබාගන්න ආනාපානසති භාවනාව උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අමතරව ආනාපානසති භාවනාව වඩන කමටහන් කීපයක්ම මේ වනකොට බිහිවෙලා තියෙනවා. ඒවා මගිනුත් ධ්‍යාන ලබාගැනීම සිදුකරගන්න පුළුවන්.
ආනාපානසතිය වැඩීමට මිනිස් සම්බන්ධතා, ශබ්ද, ආදී බාධා රහිත වෙලාවක් තෝරාගන්න. පලිබෝද රහිත ප්‍රදේශයකට ගිහින් ආනාපානසතිය වඩන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ගිහි ජිවත ගත කරන අයට එහෙම යන්න පුළුවන් කමක් නැති නිසා දවසේ බාධා අඩුම වෙලාව භාවනාව සඳහා වෙන් කරගන්න. ආනාපානසතිය වැඩිය යුත්තේ භාවනා ආසනයකින් හිඳගෙන පමණයි. වෙනත් ඉරියව් වලින් ආනාපානසති භාවනාව වඩන්න හොඳ නෑ. බද්ධ පර්යංකයෙන් වාඩි වී හිස කඳ ගෙල ඍජුව තියාගෙන භාවනා කරන්න. ශරීරය තරමක් සැහැල්ලුවෙන් තියාගන්න.
භාවනාව කරන්න ඕනි මෙහෙමයි,
ඇස් පියාගෙන හුස්ම දෙස අවදානයෙන් බලා හිදින්න. සිහියෙන් හුස්ම ගන්න. සිහියෙන් හුස්ම පිටකරන්න. හුස්ම ගැන අවදානය යොදනකොට ඉබේම උවමනාවෙන් හුස්ම පාලනය කරන්න පෙලබෙන්න පුළුවන්. උවමනාවෙන් හුස්ම පාලනය කිරීම සිදුකරන්නෙපා. ස්වාභිවික රිද්මයෙන් ආන ආපාන සිද්දවෙන්න දීලා එයට අනුව සිහියෙන් හුස්ම ගැනීමත් පිටකිරීමත් කරන්න. හුස්ම ඇතුල්වීම ගැන "එනවා එනවා" කියල සිතුවිලි පහල කිරීමක් කරන්නේ නෑ. හැබැයි භාවනාව ආරම්භයේදී හුස්මට සිහිය පිහිටවීම එකපාරට අපහසුනම් මුල් කාලයේදී හුස්ම එනවිට " එනවා එනවා" "ආශ්වාස වෙනවා" "ආන" ආදී තමන් කැමති විදියටත් හුස්ම පිටවන විට "යනවා" ප්‍රශ්වාස වෙනවා" ආපාන" විදියටත් සිතින් හිතමින් භාවනා කලාට කමක් නෑ.
හිත තරමක් එක්තැන් වෙනකම් සති 3ක් 4ක් පමණ හුස්ම පැමිණීම පිටවීම ගැන පමණක් සිහිය පිහිටවන්න. සිත එක්තැන් වෙනකොට හුස්මේ වෙනස්කම් දැනෙන්න ගන්නවා. එතකොට දිග හුස්මක් ගන්නා විට දිග හුස්මක් බව දැනගන්න. කෙටි හුස්මක් එනවිට කෙටි හුස්මක් බව දැනගන්න. දිගු ප්රශ්වාසයක් වෙනකොට දිග ප්රශ්වාසයක් බව දැනගන්න. කෙටිව ප්‍රශ්වාස වෙනකොට කෙටි ප්රශ්වාසයක් බව දැනගන්න. මෙතනදීත් "දිගයි දිගයි" ආදී විදියට සිතින් සිතීමක් කරන්නේ නෑ. දිග හෝ කෙටි බව දැනගෙන ආශ්වාස ප්‍රශ්වාස කිරීමයි කරන්නේ.
මේ විදියට භාවනා කරන කොට හුස්ම ක්‍රමයෙන් සැහැල්ලු වෙනවා. එතකොට හුස්ම සැහැල්ලු වීම ගැන සිහිය ඇතිවෙනවා. එතකොට හුස්මේ සැහැල්ලු බව දැනගෙන එකදිගට භාවනාව කරන යන්න. "මගේ සමාධිය දියුණු වෙලා" කියල හිතල සැහැල්ලුව අත්විදින්න යන්නෙපා. සැහැල්ලුව දැකලා සැහැල්ලු බව දැනගෙන එකදිගට ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය පිහිටවන්න.
හුස්ම සැහැල්ලු වෙනකොට ඒ කියන්නේ හුස්ම සංසිදෙනකොට ක්‍රමයෙන් සිතේ ප්‍රීතිය ඇතිවෙනවා. එතකොට ප්‍රීතිය දැනගෙන සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න. සිතේ ඇතිවෙන ප්‍රීතිය රසවිදින්න යන්නෙපා. එකදිගට හුස්ම පැමිණීම පිටවීම ගැන සිහිය තියාගන්න. මේ දේවල් කියවනකොට මේවා කරන්නේ කොහොමද කියල පැටලිලි සහගත වෙන්න පුළුවන් භාවනා කරගෙන යනකොට ඒ ඒ අවස්තාවට ආවම මේ කරුණු තේරෙනවා. ඒ නිසා මේවා ගැන මුලික දැනුමක් තිබුනාම ඇති. මේ කරුණු දැනගෙන මුල ඉදන් භාවනාව කරගෙන යන්න. කියවනකොට නොතේරෙන කරුණු ගැන හිතන්න අවශ්‍ය නෑ. අදාළ අවස්ථාවට ආවම ඒවා තේරෙන්න ගන්නවා.
මේ විදියට එකදිගට භාවනා කරනකොට සිතේ ප්‍රීතිය නිසා කයට අමුතු සැපයක්, සුව පහසුවක්, පාවෙනවා වගේ සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. ආනාපාන අරමුණු ගැන සිහිය පිහිටවීම අත්හැරලා සැහැල්ලුව අත්විදින්න රසවිදින්න යන්න එපා. ඒ සැපය දැනගෙන එකදිගට සිහියෙන් හුස්ම ගැනීම හුස්ම හෙලීම සිදුකරන්න.
මෙහෙම කරනකොට හුස්ම ගැනීම පිටකිරීම ගැන පහල කරන සිතුවිලිත්, ප්‍රීතිය සුඛය හඳුනාගැනීමත්, ප්‍රීතිය සුඛය විඳීම් ආදී සිතුවිලි හොදින් පැහැදිලි වෙලා ඉස්මතු වෙලා පෙනෙන්න ගන්නවා. සිතේ වෙනත් අරමුණු නැති වීම නිසාත් සිතේ සංසිදීම නිසාත් භාවනාමය සිතුවිලි ඉස්මතු වෙලා පෙනෙනවා. එතකොට ඒ ඉස්මතු වෙලා පෙනෙන සිතුවිලි, විදීම්, හදුනාගැනීම්, සිහිය පිහිටීම් ගැන සිහියෙන් යුක්තව භාවනාව එකදිගට කරන්න.
මේ තත්වය ඉදිරියට යනකොට සිතේ එකතැන් වීමත් එක්ක ඒ ප්රකටව පෙනෙන සිතුවිලි ස්වභාව වල සන්සිදීමක් ඇතිවෙනවා. එතකොට ඒ සංසිදීම පිළිබඳව අවදානයෙන් යුක්තව ආශ්වාස ප්‍රශ්වාසය ගැන සිහිය පවත්වන්න.
මේ සිතුවිලි සංසිදීම වෙන්න වෙන්න ප්‍රභාශ්වර මුල සිත අරමුණු වෙන්න ගන්නවා. එතකොට ඒ සිත අරමුණු වීම ගැන අවධානයෙන් යුක්තව එකදිගට භාවනාව කරමින් සිහියෙන් හුස්ම ගැනීමත් පිටකිරීමත් කරන්න. මේ මට්ටමට එනකොට සිත ධ්‍යාන මට්ටමට පත්වෙනවා.
පියවරවල් ගණනාවක් තිබුනත් කරන්න තියෙන එකම දේ හුස්ම ගැන අවධානය පැවැත්වීම විතරයි. සිත මොන තත්වයට පත් වුනත් එකදිගට වෙනත් කිසි දෙයක් සිහි කරන්නේ නැතිව හුස්ම ගැන සිහිය පවත්වාගෙන භාවනා කිරීම තමයි සරලව කරන්න තියෙන්නේ.
මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කල මුල් ආනාපානසති භාවනා ක්‍රමය. මේ ක්‍රමයේදී හුස්ම වදින තැනක් පිළිබඳව අරමුණු කිරීමක් හෝ හුස්ම වාර ගණන් කිරීමක් කරන්නේ නෑ. මුලින්ම භාවනාව පටනගන්න කෙනෙක් ඉස්සෙලාම මාස තුනක් විතර මේ විදියට භාවනාව පුරුදු කරන්න. හුස්ම ගැන පමණක් සිහිය පිහිටවලා භාවනා කරන්න. එකදිගට උත්සහ කරනවානම් මේ බුද්ධ භාෂිතයට අනුව ඉක්මනින් සිත එක්තැන් කරගන්න පුළුවන්.
ආනාපානසති භාවනාව වැඩීමට තවත් ක්‍රම කීපයක් පසුකාලීනව බිහිවෙලා තියෙනවා. මුල් බුද්ධ දේශනාව නොවුනත් මේ ක්‍රම මගිනුත් ධ්‍යාන ලබාගත් පිරිස ඉන්න නිසා ඒවා පිළිබඳවත් සඳහන් කරන්නම්.
ආශ්වාස ප්‍රශ්වාස පිලිබඳ සිහියෙන් ඉදලා නහය අග, තොල් උඩ හෝ නහය තුල හුස්ම වදින තැනක් අරමුණු කරගෙන එතන හුස්ම වැදීම අරමුණු කරගෙන ආශ්වාසය හා ප්‍රශ්වාසය හඳුනාගැනීම එක ක්‍රමයක්. මේ ක්‍රමයේදීත් අවධානය යොමු කරන්නේ හුස්ම ඇතුළුවීම පිටවීමට මිසක් ඒ තැනේදී හුස්ම වැදීම පිළිබඳව නෙවෙයි. හුස්ම වැදෙන තැනක් හොයාගන්නේ හුස්ම යාම ඒම අරමුණු කරගන්න ලේසි වෙන්න.
හුස්ම එන වාරයක් පාසා හෝ පිටවන වාරයක් පාසා "එකයි දෙකයි" ආදී විදියට 10 වෙනකම් සිතින් ගණන් කිරීම තවත් ක්‍රමයක්. හුස්ම යන එන අවස්ථා දෙකේදීම ගණන් කිරීම කරන්න එපා. එතකොට ආශ්වාස ප්‍රශ්වාස කිරීම ගැන අවධානය යොමු කරන්න බැරි වෙනවා.
ආනාපානසති භාවනාව හොදින් පුරුදු කලාම හිත ඉක්මනින් එක්තැන් කරගන්න පුළුවන් භාවනාවක්. ආනාපානසතිය දියුණු වීමේදී ආලෝක නිමිති වගේ උද්ග්‍රහ නිමිති ප්ටිග්රහ නිමිති සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ නෑ. ඒකට හේතුව ආනාපානස්තියේ අරමුණ හුස්ම නිසා. උද්ග්‍රහ පටිග්‍රහ නිමිති විදියට වෙන්නේ හුස්ම රැල්ල වඩාත් පැහැදිලිව අරමුණු වීම පමණයි. කලාතුරකින් සමහර කෙනෙක්ට ආලෝක නිමිති ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට එක්කෝ එකදිගට හුස්ම ගැනම අවධානය යොමු කරලා භාවනා කරන්නත් පුළුවන්. නැත්තම් ආලෝක නිමිත්ත දියුණු කරගෙන ධ්‍යාන වලට පත්වෙන්නත් පුළුවන්. මම හිතන හැටියට බහුතරයකට වඩාත් සුදුසු ක්‍රමය ආලෝක නිමිති ආදිය ගැන අවධානය නොදක්වා එකදිගට හුස්ම ගැනම සිත එකඟ කිරීම.
*** ආනාපානසතිය මගින් තරමක් දුරට සිත එකඟ වෙන්න පටන්ගන්නකොටත් අනුන්ගේ සිතුවිලි දැනීම අනාගතේ වෙන්න තියෙන දේවල් දැනීම වගේ අත්දැකීම් ලැබෙනවා. ආනාපානසතියෙන් දෙවන ධ්‍යානය ලබාගත් කෙනෙක්ට ශරීරයෙන් සිත වෙන් කරගෙන මනොකායෙන් ගමන් කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී සිත පවතින්නේ සුක්ෂම කයක් තුල නිසා දෙවියන් අමනුෂ්යන් ආදීන් දකින්නටත් සන්නිවේදනය කරන්නත් පුළුවන් වෙනවා. හොදින් පුරුදු උන කෙනෙක්ට මනොකායෙන් දිව්‍යලෝක වලටත් විවිද ග්‍රහලෝක වලටත් ගමන් කරන්න පුළුවන් වෙනවා. ආනාපාන සතිය හොදින් දියුණු කරගත් සමහර ගිහියන් පවා පොළවෙන් ඉහලට ශරීරය ඔසවා පාවිමේ අත්දැකීම් ලබලා තියෙනවා. එකදිගට භාවනා කරලා චතුර්ථ ධ්‍යාන මට්ටමට හිත දියුණු කලාම පංච අභිඥා ලබාගන්න පුළුවන්.
ආනාපානසතියේ අරමුණ හුස්ම නිසා පොඩි වෙලාවක් භාවනා කලත් හිත හොදින් සැහැල්ලු වෙලා හොදින් එක්තැන් වීම සිද්දවෙනවා. හැබැයි ආරම්භයේදී ගොඩක් අයට ආනාපානසති අරමුණෙ හිත එකඟ කරන්න අමාරු ගතියක් තියෙනවා. ඒ නිසා හදිස්සි වෙන්නෙත් නැතුව ප්‍රතිපල නොලැබුණාම උත්සාහය අතාරින්නේත් නැතුව එකදිගට උත්සහ කරලා ධ්‍යාන මට්ටමට සිත පත් කරගන්න උත්සහ කරන්න.
ආනාපානසති භාවනාවට සම්බන්ධ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේගේ ලිපියක තිබුණු උපදෙස් කීපයක් වැදගත් කියල හිතුන නිසා mahamevnawa.lk වෙබ් අඩවියෙන්උපුටාගෙන මෙතන සඳහන් කරනවා-
වාඩි වීම අපහසු නම්….
දැන් ඔබට පළඟක් බැඳගෙන වාඩිවීම තමයි ටිකක් අමාරු කාරණාව. මොකද අපේ රටේ බොහෝ දෙනෙකුට පළඟක් බැඳගෙන වාඩිවුණාට පස්සේ කොන්ද කෙළින් කරගන්න අමාරුයි. මේකට පොඩි උපක්‍රමයක් තියෙනවා. උපක්රමේ තමයි ඔබට පුළුවනි පුංචි මෙට්ටයක් (රබර් මෙට්ට නෙවෙයි, රබර් මෙට්ට අමාරුයි) කොහු මෙට්ටයක වගේ පොඩි මෙට්ටයක් හරිගස්ස ගන්න. අඟල් තුන හතරක් විතර උසට, එහෙම නැත්නම් ඔබට පුළුවනි පුංචි බංකුවක් හරිගස්ස ගන්න. අඟල් තුන හතරක් උසට.
හරිගස්සගෙන ඊට පස්සේ ඒකේ වාඩිවෙලා කකුල් දෙක පහළට දාගෙන ඊට පස්සේ ඔබට කොන්ද කෙළින් කරගන්න පුළුවන්. ඉතින් ඔබ එ්කෙදි සැලකිලිමත් වෙන්න අවධානය යොමු කරගන්න. හේත්තු වෙන්න පුරුදු වෙන්න එපා. හේත්තු වෙන්න පුරුදු වෙන්නෙ නැතිව ආසනේ වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න පුරුදු වෙන්න. සමහරුන්ට පුළුවනි බොහොම ලස්සනට බිම වාඩිවෙලා එරමිණිය ගොතාගෙන හොඳට කොන්ද කෙළින් කරගන්න. එ් නිසා එ් විදිහට ඔබට බැරිවුණා කියල ඔබ පසුබට වෙන්න එපා. ඔබට පුළුවන්කම තියෙනවා එ් විදිහට වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න. එතකොට ඔබගේ මූලික කරුණ හරි.
මතක තියාගන්න ඒකට වීරිය, නුවණ සිහිය වුවමනයි. මේ වීරියත්, නුවණත්, සිහියත් පාවිච්චි කරල දැන් ඔබ කරන්න ඕනෙ මොකක්ද? සිහියෙන් හුස්ම ගන්න එක. සිහියෙන් හුස්ම හෙලන එක. හැබැයි මේකට ඔබ පොඞ්ඩක්වත් මානසිකව දුක්වෙන්නෙ නැති, පසුබහින්නෙ නැති, පසුතැවෙන්නෙ නැති පරිසරයක් හදාගන්න ඕනෙ. හිතින් දුක් විඳින්න නම් එපා. ඔබ එසේ කරන විට සිත එකඟ වෙන්නෙ නෑ කියල තැවෙන්න එපා. ඔබ කළ යුත්තේ සිහිය පිහිටුවාගෙන හුස්ම ගැන ඒ කියන්නේ ආනාපානසතිය ගැන, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය පිහිටුවීමයි. එතකොට ඔබට මේ ආශ්වාස ප්‍රශ්වාස වල සිහිය පිහිටුවාගෙන ඔබේ සිත දියුණු කරගෙන උදාර මනුස්ස ජීවිතයක් ලබාගන්නට පුළුවන් වෙනවා.
මතක තියාගන්න ඒකට වීරිය, නුවණ සිහිය වුවමනයි. මේ වීරියත්, නුවණත්, සිහියත් පාවිච්චි කරල දැන් ඔබ කරන්න ඕනෙ මොකක්ද? සිහියෙන් හුස්ම ගන්න එක. සිහියෙන් හුස්ම හෙලන එක. හැබැයි මේකට ඔබ පොඞ්ඩක්වත් මානසිකව දුක්වෙන්නෙ නැති, පසුබහින්නෙ නැති, පසුතැවෙන්නෙ නැති පරිසරයක් හදාගන්න ඕනෙ. හිතින් දුක් විඳින්න නම් එපා. ඔබ එසේ කරන විට සිත එකඟ වෙන්නෙ නෑ කියල තැවෙන්න එපා. ඔබ කළ යුත්තේ සිහිය පිහිටුවාගෙන හුස්ම ගැන ඒ කියන්නේ ආනාපානසතිය ගැන, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය පිහිටුවීමයි. එතකොට ඔබට මේ ආශ්වාස ප්‍රශ්වාස වල සිහිය පිහිටුවාගෙන ඔබේ සිත දියුණු කරගෙන උදාර මනුස්ස ජීවිතයක් ලබාගන්නට පුළුවන් වෙනවා.
එතකොට ආශ්වාස ප්රශ්වාසයේ සිහිය පවත්වන එක ඔබ වෙනස් කරන්නෙ නෑ. බොහෝ දෙනෙකුට සිද්ධවෙන මූලික ගැටලූවක් තමයි, භාවනාව සිදුකරගෙන යනකොට සමාධියක් ඇතිවුණා කියමු. ඒ කෙනා හිතන්නෙ මේ සමාධිය ඉබේ හටගත්ත එකක් කියලයි. සමාධිය ඇතිවුණේ සමාධිය ඇතිවෙන ආකාරයට හේතු සකස් වුණු නිසා. වීර්යය පිහිටපු නිසා. නුවණ පිහිටපු නිසා. හේතු නිසා ඒ සමාධිය සකස් වුණේ. සමාධියෙන් නැගිටින කොට ඒ සමාධිය නැතිවෙලා යනවා. එ්ක අවබෝධයක් නැති කෙනා හිතනවා ආනාපානසතිය පටන් ගන්න කොටම අර පරණ විදිහටම හිත සමාධිගත වෙන්න ඕනෙ කියල. හිතල ආනාපානසතියට අඩු අවධානයක් යොමු කරල, ඇති වෙච්ච සමාධිය ගැන හිතන්න පටන් ගන්නවා. එතකොට ආනාපානසතිය හරියට වැඩෙන්නෙ නැති නිසා සමාධිය වැඩෙන්නෙ නෑ.
සමාධිය නැති වුණා කියල දුක් වෙන්න එපා..
ඊට පස්සේ සමාධිය නැතිවෙලා යනවා. ඊට පස්සේ එයාට දුකක් ඇතිවෙනවා, ”අනේ මම ඉස්සර හොඳට සමාධිය වඩපු කෙනෙක්. ඉස්සර මට හොඳට සමාධියක් තිබුණ. දැන් මට සමාධිය දියුණු වෙන්නෙ නෑ” කියල මානසිකව දොම්නසක් ඇති කරගන්නවා. දොම්නසක් ඇති කරගත්ත ගමන්ම එයාට ප්‍රශ්නයක් තියෙනවා. දොම්නස කියල කියන්නෙ හිතේ ඇතිකරගත්ත දුක. හිතේ මේ දුක හේතු කරගෙන හිත විසිරෙන්න පටන් ගන්නව. හිත විසිරෙන කොට හිත සංසිඳෙන්නෙ නෑ. හිත සංසිඳෙන්නෙ නැතිවෙන කොට ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්න බැරිවෙනවා. ආශ්වාස ප්රාශ්වාස අරමුණේ සිත පිහිටුවා ගන්න බැරි වෙන කොට, සිහිය පිහිටන්නෙ නැතිවෙලා යනවා. සිහිය පිහිටන්නෙ නැතිවෙන කොට සිත එකඟ වෙන්නෙ නැතිවෙලා යනවා. එකඟ වෙන්නෙ නැති වෙනකොට සමාධිය තවදුරටත් නැතිවෙලා යනවා. එතකොට එයා තවදුරටත් අසහනයට පත්වෙනවා. ඒ නිසා ඒ ක්‍රමය අනුගමනය කළ යුතු ක්‍රමයක් නොවෙයි.
දිගටම සිහිය පවත්වාගන්න….
අපි දන්නවා සමහර පින්වතුන් ඉන්නව ආනාපානසති භාවනාව කරගෙන යනකොට, ටික ටික සමාධිය දියුණු වේගෙන යනකොට ආශ්වාස ප්‍රශ්වාස සිහිකරන එක එයා නතර කරනවා. අත්ඇරල ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන ඉන්න පුරුදු වෙනවා. සමාධිය පුරුදු කරල තියෙන නිසා ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යන මට්ටමට එන අය ඉන්නවා. ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගියොත් එයාට තමන් කරන්න එන භාවනාව මොකක්ද? මම මොකක්ද කරන්නෙ කියන කල්පනාව එයාට එන්නෙ නැතිව යනවා. මේ නිසා හොඳම දේ තමයි, ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යන්නෙ නෑ කවදාවත්. පැය ගණනක් වුණත් ආශ්වාස ප්‍රශ්වාස සිහිකරන්න පුළුවන්. මනසිකාර කරන්න ඕනෙ, ආශ්වාසයක්…. ප්රශ්වාසයක්…. ආශ්වාසයක්…. ප්රශ්වාසයක්…. කියල. අන්න එහෙම මනසිකාරයේ යෙදීමෙන් තමයි ආශ්වාස ප්‍රශ්වාස දියුණු කරන්න තියෙන්නෙ. සමහර කෙනෙකුට ටික වෙලාවක් ආනාපානසති භාවනාව කරද්දි, ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යනවා. ඒ කෙනා භාවනාව කරන්න පටන් ගන්න කොටම හිතට අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනෙ, මම දිගටම ආශ්වාසයත් ප්රශ්වාසයත් මෙනෙහි කරනවා, මේක නොදැනී යන්න දෙන්නෙ නෑ කියල. එතකොට ඒ විදිහට සකස් වෙන්නෙ නැතිව ආශ්වාස ප්‍රශ්වාස දිගටම පවත්වන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස එහෙම පවත්වද්දිත් නොදැනී ගියොත්, ඔබ හිතන්න මේ ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගියාට, මේ ආශ්වාස ප්රාශ්වාස නිරුද්ධ වෙලා නොවෙයි. ආශ්වාස ප්‍රශ්වාස තියෙනවා. ඒ නිසා මම සිහියෙන් විමසනවා කියල ආයෙ නුවණින් විමසන කොට හිමිහිට තේරුම් යනව ආශ්වාසයක්, ප්රශ්වාසයක්, හුස්ම ගැනීම හුස්ම හෙලීම ඔබ තුළ තියෙන බව. මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස දෙක දිගටම පවත්වන්න තමයි ආනාපානසතියේදී පුරුදු වෙන්න තියෙන්නෙ.
ගිහි ගෙදර අපටත් ධ්‍යාන….?
ධ්‍යාන කියන වචනය ඇහෙන කොට සමහර විට තැති ගන්න පුළුවන්. බය වෙන්න පුළුවන්. අපි මේ ගිහි ගෙවල් වල ගතකරන අය. අපි කොහොමද මේ ධ්‍යාන වඩන්නෙ කියල. ඒක වෙන්නෙ ඔබ වටපිටාවේ නියම ධර්මය කතා කරන පිරිසක් නැති නිසාත්, ධර්මය පිළිබඳ ඔබේ විශ්වාසය දුරු කරල තියෙන නිසාත්, ධර්මය කෙරෙහි ඔබේ ශ්‍රද්ධාව නැති නිසාත්, ධර්මය ප්‍රායෝගිකව පුරුදු කරන ආකාරය ඔබ නොදන්නා නිසාත් මිසක ධර්මයේ ඇති දුර්වලකමක් නිසා නොවේ. ඊළඟට අපි හොඳටම දන්නවා දහස් සංඛ්‍යාත පිරිසක් සමාධිය වඩනවා, ධ්‍යාන වඩනවා මේ රටේ. ගිහිගෙවල්වල ගත කරමින් කරනවා. ඒක මම හොඳටම ප්‍රායෝගිකව දන්න දෙයක්. ඒ නිසා ඔබ ඒ වගේ සැකයක් සංකාවක් ඇති කරගන්න එපා. විශ්වාස කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ම යි. එ් නිසා ඔබට සමාධියක් දියුණු කරගන්න පුළුවන් වෙන කොට එ් සමාධිය ඔබ නිතර නිතර පවත්වන්න.
තවම අපි ඔබට මේ උගන්වන්නෙ සමථ භාවනාව දියුණු කරගන්නා ආකාරය. මේ විදිහට ඔබ දියුණු කරගත්තොත් සමථය දියුණු කරගන්න පුළුවනි. හැබැයි මේකෙදි සමාධිය දියුණු වෙන්නෙ නැතිවෙන කොට මේ රටේ විවිධ ක්‍රම තියෙනවා ඔබ අහුවෙන්න එපා එ්වට. සමහරු කියන්න පුළුවනි, අයියෝ සුළුදෙයක් නෙ ඕක. මගේ ළඟට එන්න මම විනාඩි දහයෙන් ධ්‍යානයට දාල දෙන්නම් කියල. සමහරු කියන්න පුළුවන් විනාඩි තිහක් පුළුවන් නම් ඔබට සමාධියෙන් ඉන්න මම ඔබව පළවෙනි ධ්‍යානයට තල්ලූ කරල දාන්නම් කියල. මේව කියන්නෙ ඔබේ හදිස්සිය තේරුම් ගන්නයි. නමුත් ඒකෙන් ප්‍රකට වෙන්නෙ ඒ කෙනාගෙ නොදැනුවත්කමමයි. මේ නිසා සමාධියෙදි පංච නීවරණ යටපත් වෙන්න ඕනෙ. පංච නීවරණ යටපත් වෙන තාක් සමාධිය දියුණු කරන්න බෑ. පංච නීවරණ යටපත් වෙනකොට සමාධිය ඇතිවෙනවා. සිහිය දියුණු වෙනවා.
මේ භාවනා වැඩීමෙන් ඔබ අත්කරගන්නා පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..
Facebook පිටුවට :- ( මෙතන ක්ලික් කරන්න )
( මෙම ලිපි ලිඛිත වාචික විද්‍යුත් හෝ වෙනත් ඕනෑම ආකරයකින් උපුටාගැනීමෙන් වළකින්න.)
මේ භාවනා වැඩීමෙන් ඔබ අත්කරගන්නා පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..
Facebook පිටුවට :- ( මෙතන ක්ලික් කරන්න )
( මෙම ලිපි ලිඛිත වාචික විද්‍යුත් හෝ වෙනත් ඕනෑම ආකරයකින් උපුටාගැනීමෙන් වළකින්න.)
Comments
Oba thumatath obathumage gurthumata bohoma pin mea post ekata thawa thawath mea wage lipiyanna budu dahame aphedilithan mea pahadala denna derga ausa lebewa
ReplyDeleteObathumata hakinam abidarma desanawala pehedili karana sitha gena post ekak liyanna
ReplyDeletemama goda kaleka indan anapanasathiya wadana kenek....dan mata nikan wadi wela inna welawka unath hitagena inna welawaka unath tikakata husma aramunu karath hithe puduma widiyata niwenna patan gannawa...edineda weda karaddi gaman karaddi wadi wela iddi samanya widiyata sihiya husma kara dila sihiyen e diha balan hitiyata eka prashnayak na neda ?
ReplyDeleteanapanasathiya ehema wadanna sudusui kiyala budurajanan wahanse deshana karala ne
Deletebohoma pin,..oba thumata puluwanda astral travel gana wistharayak kiyala hari kramayak kiyala denna,,mokada prasiddawa thiyena godak krama hari dewal nowenawa athi kiyala hithenawa...oba thumatath obage guruwarayatath pin
Deleteමම දැනට මාස කිහිපයක් ආනා පාන සති භාවනාව කරනවා ඒ කරන වෙලාවට පිට කොන්දේ තැන තැන නාඩි වැටෙන ආකාරයට දැනෙනවා ඒ ඇයි කියලා කියන්න පුලුවන්ද කරුණාකර
ReplyDeletegamanak yanakota atharamaga hambena dewal gena hitha hitha innathuwa awasaanayata yanna
Deleteඑකනම් ඇත්ත තමයි
Deleteස්තුතියි
ඇදුරුතුමනි !
ReplyDeleteමම උදේ හවස බුදුන් වනදාට පස්සේ මෛත්‍රී භාවනාව කරනවා(පැ 1/2 විතර). අනිත් වෙලාවට දවසට දෙසැරයක් විතර ආනා පාන සති භාවනාව කරනවා (පැ 1 විතර) එහෙම කරාට කමක් නැද්ද ?
2. විශ්වෂක්තියෙන් චක්‍ර පිරිසිදු කරන guided mediation එකක් යුටියුබ් එකෙන් හම්බ වුනා . එහෙම කරන එක හොදද? කරනවානං එක රාතී‍්‍ර කාලයට කරාට කමක් නැද්ද?
anapanasatiya deparakata karannepa. dawasakata eka parak karanna.
Deletevdo eke nama kiyanna
දිනපතා චක්‍ර පිරිසිදු කිරීමේ භාවනාව (සිංහල) Daily Chakra Cleansing Meditation (Sinhala)
ReplyDeletehttps://www.youtube.com/watch?v=YkNPPuoBjPs
eke wereddak ne. hebei eken chakra wiwara wenneth ne.
Deleteනිතර නිතර සිත එකග කරන්න පුළුවන් භාවනාවක් තියෙනවද ? එසේනම් ඒ මොකක්ද කියලා කරුණාකර පැහැදිලි කරනවද මහත්මයා
ReplyDeletemaitree bawanawa
DeleteYogithumani anapanasathiyen abijgna 5 MA laba ganna puluwanda?
ReplyDeletepuluwan
Deletee e dyana waladi labena abigna kiyanna puluwanda,naththan e e dyana thala waladi awadi kara ganna puluwan abijna..
Deleteඔබතුමාටත් ඔබතුගමේ ගුරුවරයාටත් ගොඩක් පින් මේ වගේ දැනුම බෙදා දෙනවට....
ReplyDelete1. චච්ක්ර පිරිසිදු / විවර කිරීමේ භාවනාව මොකක්ද?
2. ආනන පාන සතිය භාවනාවයි තෙවෙනි ඇස විවර කිරීමේ භාවනාවයි උසේ හවස එක විට කිරීම වැරදියිද?
1.kundalini bawanawa kiyala wenama post ekak daala thiyenawa.
Delete2. weradiyi
Aduru thumani samahara aya dala thiyana comment beluwama peanwa ea aya bawanawedi eka guruwarayekuge karamayak bavtha nokarana bawa samaharu youtube ekea dala thiyana kramai obathumage kramai ekata kalawam karala bawanava karanawa mekedi getalu athi wenne neadda pehedili karanna
ReplyDeleteObathuma nihadawa inne hema kramayakma anugamanaya karala bawana karana eke waradak nea kiyala hithana nisada
Deleteබිම ඉදගෙන භාවනා කරනවිට කොන්ද දිගේ යමක් ගමන්කරන, නලියන ගතියක් සහ ඇඟ වැනෙන ගතියක් දැනෙන්නේ ඇයි ?
ReplyDeleteතවද සමහර අවස්ථාවල නළල මැද නලියනවා. ඇස් වහගත්තම පාට එලි බොඳවී යන ආකාරක් පේනවා මෙහෙම වෙන්නේ ඇයි කියා කරුණාකර පහදා දෙන්න.
තෙරුවන්සරණයි
gamanak yanakota magadi dakina vikara diha bala bala inne netuwa gamanaantaya wenakan yanna. magadi dakina boru magic wala sathya watinakamak ne
Deleteඅපල ඇති අයෙක්ට බෝධී පුජා තැබීමට සුදුසුම දවස් මොනවද ?
ReplyDeleteEka apala monawada kiyala balala e grahayage dawas welaawal anuway karanna ona .
Deleteanapanasathiyen laben irdin monwada? mewan lipi liyana obata godak pin.
ReplyDeletedoctorslata hoyaganna bari ledak saneepa karanna bhavanawen puluwanda?
ReplyDeleteewani bhavanawak kiyala denna puluwanda?
ehema karannanam mokakhari bawanawakin chathurtha dhyaanaya wage mattamakata yanna wenawa.
Deletelesi ne
mehi sadahan godak lipi, mama newatha newatha kiyawanna lesi wenna sadahan kara gaththa.eth oba thuma mehi sadahan lipi anawasaren uputaganna epa kiyala sadahan karala tiyanawa. mama mehi lipi mage lagama tiyaganna bawath katawath copy karaganna nedena akarayata tiyaganna bawath mama karunikawa sadahan karanawa. ekata oba thuma mata awasara denawada ?
ReplyDeletemamanam kemati ne ekata.
DeleteAnapanasathi bawanawen abichcha labaganna akarayath lipiyak danna.
ReplyDeletekalin tibbata wada tikak add kala. balanna
DeleteAnapanasathi bawanawen 4wana dyanaya labagath pasu, Arupa dyana labaganna puluwanda?
ReplyDeletepuluwan
DeleteMan ahala thiyenawa anapana sathiyen 4 wana dhyanaya labagaththata arupa dhyana labaganna ba kiyala, e sadaha akasa nathuwa anith kasina nawayen thamai puluwan kiyala. eya aththada?
Deletene eka weradi kathawak
Deleteපංච අභිඥා මොනවාද?
ReplyDeleteඉර්ධිවිධ ඥානය
Deleteපුබ්බේ නිවාසානුස්සති ඥානය
දිබ්බසෝත ඥාණය
පරචිත්ත විජානන ඥානය
දිබ්බචක්කු ඥානය
ඉර්ධිවිධ ඥානය ගැන පොඩ්ඩක් විස්තර කරනවාද? Pancha abichcha labaganna akaraya ganath post ekak danna? Godak pin!
Deletepost ekak dannan
DeleteYogi thumani, bawana addakim post eka ikmanata danna.......
ReplyDeleteAnapanasathi bavanawa ade wadi wela kalata kamak nadda?
ReplyDeletebima innawanan tama wediya hoda
DeleteWajjrasanaya ananapanasati bavanawa wadanna sudusu iriyauwakda..
ReplyDeletewaradak ne. padmasanaya ho sukhasanaya tama hoda.
DeleteMage hithawath swaminwahanse namk anapanasatiya wadanakota hitha mehi sadah paridi husma gaman mage ihala pahala hitha pawathwaddi...nil pata ha plate ekak(mata mataka akarayata thawath warnayakin yut lpate 1ho2k)kara bawa dis u bawa qwwa.pasuwa biya asa aharala tiydnasa...meya chakra awadi veemakda...mewani awastawala kese pilipadiya yuthuda.
ReplyDeleteliyala tiyena eka hariyata terenne ne
DeleteDewatha akarshanaya gana lipiyak danawanam gdak hodai
ReplyDeleteBawana addakeem post eka ikmanata dannako................
ReplyDeleteගුරුතුමනි
ReplyDelete1. ආනා පාන සති භාවනාව වැඩනකොට විශ්ව ශක්ති ඇතුල් වෙනවද?
2. එහෙම විශ්ව ශක්ති ඇතුල් වෙනවා හිතන්න හොඳ නැද්ද මේ භාවනාව කරනකොට?
3. computer එකට ඇබ්බැහි වෙලා හිටපු මට මේ භාවනාව කරනකොට දැන් දැන් නිතරම කරන්න හිතෙනවා එහෙම වෙලාවට මොකද කරන්නේ නිතරම කරන්න හොඳ නැහැනේ ? එහෙම වෙලාවට මයිත්‍රී භාවනාව කරන්නද ?
4. භාවනා කරනකොට එක පාරටම ඇග ගස්සෙන්නේ ඇයි?
5. මේ භාවනාවේ benefits මොනවද ?
කරුණාකර පහදා දෙන්න
ස්තුතියි
1 ne
Delete2 hoda ne. Ohoma krla manasika roga hedenawa
3 bawana dekathunak ekata karannepa ekak karanna issella. Tamanwa palanaya kraganna
4 manshapeshi eka widiykta godak wela tyan idiyama ehema wenawa
5 post eke dala tyenawa ewa
ඔබතුමා ගොඩක් හොඳ ලිපි ලියන්නේ.ඔබතුමාට ගොඩක් පින්.
ReplyDeleteGuruthumani man anapanasathi bawanawa karanakota husma godak siyum akarayatae danenne. eth samahara welawata husma ganimedi tkak apahasu gatiyak danenawa. Mekata mkakda mama karanna one?
ReplyDeleteඋත්තරෙ මේ ලිපියෙ තියෙනවා
DeleteYogithumani anapanasathi bawanawa dawal karala 3rd eye bawanawa pandara kalata kmk nadda? E wagema padmasanayedi ek kakulaka yati pathula udata hitina widiyata anith kakula udinmada aniwaryayen tiyanna one? Yati pathul deka udata hitina widiyata kakul deka cross wena widiyata eka laga tibbot eka waradida? Sukhasanaya kyanne mkakda yogithumani? Obatath obage guruwaruntath bohoma pin.
ReplyDeleteසමථ භාවනා එක්ක කුණ්ඩලිනි භාවනා කරන්නෙපා කියල මම පැහැදිලිව කියල තියෙනව
Deleteපද්මාසනය හා සුඛාසනය ඉන්ටනෙට් එකේ බලන්න වීඩියෝ තියෙනවා
Bawanawa karanakota pyramid ekak laga tiya gattot eka bawanawata upakari wenawada?
ReplyDeletepodi udauwak thiyenawa. loku balapemak ne
DeleteMe bawanawa karanakota man inne sukhasanayen. Padmasanayen Inna amarie. Sukhasanayen indaddith winadi 20n 20ta wage kakula hodatama hiriwatenawa. E nsa man wadi wela idanma winadi dekak wage kakul diga aran idalae bawanawa karanne. Ekata kmk nadda? man me bawanawa ekadigata karanna aran Dan sathiyak wage wenawa. Dannam hitha eka Tanaka tyaganna puluwan. Eth payak wtra bawanawa karanakota aga nkan eka pattakata yanawa wage danenawa. Wadiyenma eka danenne oluwata. Oluwa eka pattakata ala wenawa wage. Eka samanya dykda yogithumani?
ReplyDeleteකකුල් දිග ඇරලා ආපහු කලාට කමක් නෑ
Deleteදැනෙන ඒවා ගැන හිතන්නතුව එකදිගට භාවනාව කරන්න. දැනෙන ඒවයෙන් ඇති වැඩක් නෑ
Bohoma sthuthie. Obatath obage guruwaruntath bohoma pin.
DeletePrabashwara mula sitha kyanne alokayak wage dykda? Eka kohomada hadunaganne?
ReplyDeleteනෑ මූල සිත කියන්නේ අභිධර්මයේදී භවාංග හිත කියන එක. අපේ හිතේ කිසිම අරමුණක් නැති උනාම අපි උපදින වලාවේ හටගත්ත උප්පත්ති හිත මතුවෙනවා. වාහනයක ජියර් නොදාන වෙලාවට නිවුටල් එකෙන් යනවා වගේ . ඒ වෙලාවට ආවම ඒක තේරෙනවා
DeleteGuruthumani ay anapanasathi bawanawa dawasata deparak thunparak karanna hoda naththe? Aranya wala Wada inna swaminwahansela dawasema bawana karanawane.
ReplyDeleteආනාපාන සති භාවනාව දෙතුන් පාරක් කරන්නෙපා කියල නෑ
DeleteRaata hinen nitharama sarpayan pena eka hoda nadda?
ReplyDeletePyramid bawitha karala podi udawuwak labaganna puluwannam eya bawanawedi bawitha karana akaraya pahadili karala denna puluwanda? Bohoma pin.
ReplyDeleteමොන පිරමිඩ්ද?
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteGuruthumani,,Anapanasathi bawanawa tika kalayak wadana wita husma sithamathaa palanaya wimata lak wenawa eya nawathwanna behe,,re nindenuth husma nawathila eka parama awadi wenawa ethakota husma ganima hithalama karana deyak wage,,tathparekata dekakata husma nawathinawa,,mekta kumak kalayuthuda,,
ReplyDeleteoka gena hithanne nathuwa bawana karanna samanya vidiyata. kalayak kalama oka netiwela yanawa.
Deleteuwamanaawen karannath epaa
uwamanaawen nokaranna hadannat epa. etakotath wenne awadanaya wedi wena eka.
hitha madhyastawa thiyagena samanya vidiyata karanna
මුලින්ම කියන්න ඕනෙ ඔබතුමා මේ කරන ධර්ම දානමය කටයුත්තෙන් පතන්නා වූ බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරගන්න ඔබතුමාට හැකි වේවා.!!!!
ReplyDeleteයෝගීතුමනි ආනාපානසතියෙන් චතුර්ථ ධ්‍යානයට සම වැදුනහම ආලෝක නිමිත්තක් ඇතිවෙනව නෙ.ඒ සමාධිමත් සිතෙන් දිවැස් උපදවගන්නෙ කොහොමද?
2.ඔබතුමාගෙ පංච අභිඣ්ඣා post එක බැලුවා. ඒකෙ කසිණ වලට අදාළව ලියල තියෙන විදිහට දිවැස් උපදවගන්න ආකාරයටම, මේකෙත් ආලෝක නිමිත්ත හසුරුවන්න ඕනෙද?
ආනාපානසතියෙන් දිවැස් උපදවන්න බෑ, ලිපිය ආපහු කියවන්න. දිවැස් උපදවන්න පුළුවන් භාවනා ලිපියේ දාලා තියෙනවා මම
Deleteපෝස්ට් එකේ තියෙනවා යෝගිතුමා පංච අභිඣ්ඣා උපදවන්න පුලුවන් කියලා.ඒකට දිවැසත් අයිති නිසා මා එසේ ඇසුවේ.
ReplyDeleteආනාපානසතියෙන් චතුර්ථ ධ්‍යානය ගත්තට පස්සෙ ආලෝක, තේජෙෝ, ඕදාත කසින තුනෙන් එකක් කරන්න ඕනි.
Deleteසමහරැන්ට ඉබේම ලැබෙනවා
සමහරැන්ට කෙටි ක්‍රම ලැබෙනවා
ඒවා 4 ධ්‍යානය ලැබුනම තමයි මතුවෙන්නෙ
ඔබතුමාට ඉතාමත් පින් !
ReplyDeleteයෝගිතුමනි, භාවනා කිරිමට යොමු වන විට සිතේ යම් අදුරු බියක් ඇති වෙ. කිසිදු අර්ථයකින් තොර වූ නමුත් එම බිය භාවනා කිරීමට බාධාවක් . යම් විසදුමක් තිබෙද?
භාවනාව කාලයක් කලාම ඔය බ්ය්වල් නැතිවෙනවා.
Deleteඑතකම් පන්සිල් හා අටසිල් පුළුවන් දවස් වල රකින්න. සිල් රැකීමෙන් බිය නැතිවෙනවා.
භාවනා පටන්ගන්න කලින් බුදුන් වැදලා බුදුගුණ මනසිකාර කරලා පටන් ගන්න. මම බුද්ධානුස්සති ලිපියේ ආරක්ෂ්ස්ක ක්‍රමයක් දාලා තියෙනවා එක කරන්න
භාවනා කරන්න කලින් තමන් අදහන දෙවියන්ට වැදලා පටන්ගන්න. ඉවර උනාම දෙවියන්ට පින් දෙන්න
මට කරුණාවෙන් කියන්න පුලුවන්ද මේ භාවනාව මගින් එදිනෙදා ජිවිතයේ හිතට නිරායාසයෙන් ගලාගෙන එන සිතුවිලි පාලනය කරන්න හෝ නවත්තන්න පුලුවන්ද කියලා ? ඒ සඳහා වෙන භාවනාවක් හෝ තියෙනවනං කරුණාවෙන් සඳහන් කරන්න.
ReplyDeletepuluwan.
Deletedawas pura ena sithuwili palanayata wada hoda කායගතා සතිය හා චිත්තානු පස්සනාව
ගොඩක් ස්තුතියි
Deleteමම ආනාපානාසතිය වැඩුවා පසුව ශරීරයහි විදුලි කොටනවා මෙන් දැනූ නිසා එය නවතා ආපෝ කසිනය වැඩුවා ව්හො උග්‍රහ නිමිත්තේ ජලය නොපෙනුනත් බාජනය අතුලු එතිරිය පෙනුනා ජලය කලු පැහැයෙන් පෙනුනා එනිසා මා වැඩිය යුත්තේ ජවර භාවනාවද ධ්‍යාන ලැබීමට
ReplyDeleteභාවනා අච්චාරුවක් කරලා තියෙන්නේ. ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය ලිපිය කියවලා සියලු භාවනා සඳහා පොදු උපදෙස් ලිපිය කියවන්න
Deleteනිදා සිටින ඉරියව්වෙන් ආනපාන සති භාවනාව වැඩුවට කමක් නැද්ද?
ReplyDeleteලිපිය හරියට කියවන්න
Delete1.උද්ග්‍රාහ නිමිති ඇතිවූ විට එය ප්‍රතිභාග නිමිත්ත බවට පත් කකරන්නේ හුස්ම දිහා බලන් ඉඳලද නිමිත්ත දිහා බලන් ඉඳලද ?
ReplyDelete2.දිවැස් වලට කැමති අය නිමිත්ත දිහා බලන් ඉඳලද ධ්‍යාන ලැබිය යුත්තේ ?
3.ආනාපානසති ධ්‍යාන වලට කැමති අය හුස්ම දිහා බලන් ඉඳලද ධ්‍යාන ලබන්නේ?
3.
හුස්ම
Deleteදිවස් ලබන්න ඕනිනම් ආලෝක හෝ තේජෝ කසින භාවනා කරන්න
උත්තරේ ලිපියේ තියෙනව
හුස්ම ආශ්වාසයදී නාසය ඇතුලත් පිටකිරීමේදී නාසය ඉදිරිපසත් හුස්ම වැදේනම් අරමුණු කළ යුත්තේ කුමක්ද? 2කම ද?
ReplyDeleteදෙකේදීම වදින එක තැනක් ගන්න
Deleteහරි ස්තුතියි
ReplyDeleteභාවනා සදහා භාවිතා කරන ආසනය කොතරම් දුරට බලපානවාද ධ්‍යාන උදෙසා? එසේ නම් හොඳම ආසනය කුමක්ද? කුණ්ඩලීනීයට නම් ආසනයබආසනය අතර හොඳම ආසනය පද්මාසනය නේද?
ReplyDeleteභාවනා ආසන ගැන වෙනම ලිපියක් දාලා තියෙනවා කියවන්න
Deleteයෝගතුමනි,
ReplyDelete1.ආනාපානාසති භාවනාව සමග චතුරාක්ර භාවනා සුළු වශයෙන් වඩන්නද?(ආනාපානා සති භාවනා නොකරන වෙලාවට)
2.ආනාපානසතිය භාවනාව නොවඩන කාලයේදී බඩේ පිම්බීම් හැකිලීම අරමුණු කරන්නද?(සතිපට්ඨාන භාවනාව - රේරුකාණේ චන්දවිමල හිමි)
3. ආනාපානා සති භාවනාවේ විදර්ශනාව සදහා ලිපියක් දාන්න පුළුවන්ද? පොත්වල තිබෙන ඒවා සරලව තේරුම්ගැනීමට පොඩ්ඩක් අමාරුයි.
1 අනිත් භාවනා තුන පොඩි වෙලාවක් කරලා අන්තිමට ආනාපානසතිය කරන්න
Delete2 එපා
ඇයි ආනාපනසතිය දවසට එක පාරක් කරන්න කියන්නෙ.මම උදේටයි රෑටයි දෙපාරක් කරනවා
ReplyDeleteඔබතුමාට බොහොම පින්. මට කරුණාවෙන් පිළිකා සුව කරන්න යම් තරමකට හෝ උපකාරී භාවනාවක් කියන්න පුලුවන්ද ?
ReplyDeleteරෝග සුවයට භාවනා ගැන වෙනම ලිපියක් දාල තියෙනවා
Deleteධ්‍යාන උදෙසා ආසනය බලපානවාද ?
ReplyDeleteanapanasathiya winadi 15k karala,eeta passe siw arakshaka bhawana kalata kamak nadda
ReplyDeletedhyana mattamatama anapanasthiya wadanne oya widiyatada,wenassak wenne na neda.thejo kasina bhawanawa sambanda karala dhyana pahadili kla wage anapana stiyath wisthra karannako
ReplyDeleteආනාපානසති භාවනාව වැඩීමේදී බිත්තියක් වගේ ආධාරයකට හේත්තු වුනාට කමක් නැද්ද ගුරුතුමනි 🙏
ReplyDeleteගුරුතුමනි අනාපනසති භාවනාව හවස් වෙලා ඇදක භාවනා අසනයෙන් ඉදගෙන කරාට කමක් නැද්ද
Deleteකමක් නෑ
Deleteපෙර ශක්තීන් හා විශ්ව ශක්තිය අවදි කර ගැනීමට හැකි භාවනවක් කියලා දෙන්න ඔබ තුමානනේ
ReplyDelete