- Get link
- X
- Other Apps
Featured Post
- Get link
- X
- Other Apps
බ්ලොග් එකේ views 100 000ත් පහු කරලා. හරිම සතුටුයි. බ්ලොග් එකක් විදියට මේ අඩවිය ආරම්භ කලේ සම්ප්‍රදායික බ්ලොග් එකක් කරනවට වඩා භාවනා යෝග ආදී අධිමානසික හැකියා ලබාදෙන ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින්. නිවැරදි දැනුම ලබාදීමත් වැරදි මත ඉවත් කිරීමත් තමා මගේ මුලික අරමුණු උනේ. අධිමානසික හැකියා ලබාගැනීම පිලිබඳ දැනුවත් කිරීම පමණක් කරන්න හිටියත් සමාජ ජාල ඔස්සේ ධර්මය විකෘති කරන්නන් දැක්කම නිවැරදි බුද්ධ ධර්මය මතුකිරිමත් බුද්ධ ධර්මය විකෘති කිරීම ගැන දැනුවත් කිරීමත් නොකර ඉන්න බැරි උනා.
ඒ ඔක්කොමත් එක්ක මගේ මේ බ්ලොග් අඩවිය එක්ක එකතු වුන හා ෆේස්බුක් හරහා උදවු කරපු අයටත් විශේෂයෙන්ම භාවනා හා යෝග ක්‍රම කරලා බලපු හා කරමින් අත්හදා බලන හමොටම ස්තුතියි. මේ දේවල් පල කිරීමේ හරය වෙන්නේ මේ දේවල් පරික්ෂා නොකර බැහැර කරන්නෙත් නැතුව අන්ධ භක්තියෙන් පිළිගන්නෙත් නැතුව කරලා බලල අත්හදා බලලා ප්‍රතිපල ලබාගැනීම තුලයි. බුද්ධ ධර්මය යෝග භාවනා වගේ දේවල් රැකෙන්නේ ඒවා කරපින්නාගෙන පම්පෝරි ගැසීමෙන් නෙවෙයි ප්‍රායෝගිකව පුහුණු කිරීමෙන්. ඉතින් සියලු ආකාර වලින් උදවු කරපු අයට ස්තුති කරන ගමන් මේ වෙනකන් මේ දේවල් අත්හදා නොබලපු අයට මේවා කරලා බලන්න කියලත් මතක් කරනවා. කරලා බලලා අනිත් අයටත් මේ දේවල් ගැන දැනුවත් කරන්න උදවු කරන්න කියලත් මතක් කරන්න කැමති.
කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උනා කාර්යබහුල කම නිසා. දැන් ආපහු නිදහස් වෙලා තියෙන නිසා අලුත් භාවනා හා යෝග ක්‍රම කීපයක් ගැන ලියන්නත් පොතක් එලි දක්වන්නත් අදහසක් තියෙනවා. ඒ හැම දෙයක් ගැනම ඉදිරියේදී දැනුවත් කරන්නම්. සියලු දෙනාටම සිත් දියුණු කරගැනීමට අවස්ථාව සැලසේවා...!!!
- Get link
- X
- Other Apps
Comments
සුබ පැතුම්...
ReplyDeletebohoma sthuhti
DeleteSuba pathum
ReplyDeleteSuba pathum
ReplyDeletebohoma sthuthi
Deleteබොහොම පින් !
ReplyDelete(Y)
DeleteMahathmayage aluth articles digatama balaporoththuwenawa....
ReplyDelete(Y)
Deleteදියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්රාර්ථනා කරනවා .
ReplyDeletegodak dewal iganaganna puluwan una. obathumata godak pin.
ReplyDeleteOba thumage sath karya deyunu wewa!
ReplyDelete