- Get link
- X
- Other Apps
Featured Post
- Get link
- X
- Other Apps
මහා ලක්ෂ්මී දේවීන් වහන්සේට නමස්කාර වේවා!!!
මහා ලක්ෂ්මී දේවතාවිය ධනය හා සම්පත් වලට අධිපති දෙවියන්. මහා ලක්ෂ්මී දේවතාවියගේ ඇල්ම බැල්ම ලබාගන්නත් පෝසත් වෙන්නත් ගොඩ දෙනෙක් ලොකුවට වියදම් කරලා යන්තර, තෙල් වගේ දේවල් මිලදී ගන්නවා. ලොකුවට වියදම් නොකර මහා ලක්ෂ්මී දේව බැල්ම පිහිට ලබාගන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි මේ පොස්ට් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිපල ලබපු නිසා විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ මගින් ප්‍රතිපල ලැබෙනවා කියල.
ලක්ෂ්මී දේවිය වන්දනා කරන ගාථා, ස්ත්රෝත්ර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා අතරින් පුරාණ කාලේ ඉදන් පැවතගෙන එන බලසම්පන්න ගාථා 8ක් තමයි මහා ලක්ෂ්මී අෂ්ඨකම් කියන්නේ. ලක්ෂ්මී දේවතාවියගේ බැල්ම බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් මේ ගාථා තමන්ගේ නිවසේ දිනපතා වාදනය වෙන්න සලස්වන්න, නැත්නම් කියන්න. දවස් කීපයකින්ම සැලකිය යුතු වෙනසක් ඇතිවෙනවා. හැබැයි දෙවියන්ට සම්බන්ධ ඕනම දෙයක ප්‍රතිපල ලැබෙන්නේ දෙවියන් ගැන භක්තිය තියෙන අයට විතරයි. මහා ලක්ෂ්මී දේවිය ගැන විශ්වාසයක් හා භක්තියක් තියෙන අයට මේ ගාථා වලින් ප්‍රතිපල ලැබෙයි. මේ ගාථා 8 දිනපතා ගායනා කිරීමෙන් හෝ computer, sound system වගේ දෙයකින් වාදනය වෙන්න සලස්වන්න. එමගින් මහා ලක්ෂ්මී දේවියගේ බැල්මට ලක්වෙනවා, ඒ වගේම ලක්ෂ්මී දෙවියන් භාරයේ ඉන්න දෙවියන්ගේ පැමිණීමත් සිද්ධ වෙනවා. ඒ මගින් තමන්ගේ ජිවිතයේ සමහර ප්‍රශ්න වලට විසදුම් හම්බෙනවා වගේම ධනය හා සැප සම්පත් වල වර්ධනයක් අත්වෙනවා.
ගාථා වාදනය වෙන්න සලස්වූවම ප්‍රමාණවත් උනත් තමන් විසින්ම කියන්න කැමති අය ඉන්නවනම් එයාලට පහසුවක් වෙන්න මහා ලක්ෂ්මී අෂ්ඨකම් ගාථා 8 හා ඒවායේ තේරුම් මම සඳහන් කරන්නම්.
1.නමස්තේස්තු මහා මායේ - ශ්‍රී පීඨේ සුර පුජිතේ
ශංඛ චක්‍ර ගධා හස්තේ - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(මහා මායාවන් ඉර්ධින් කරන්නියට නමස්කාර වේවා - ශ්‍රී පිඨයෙහි දෙවියන්ගෙන් වැදුම් ලබන
ශංඛය, චක්‍රායුධය, ගධාව අතින් දරා සිටින - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
2.නමස්තේ ගරුඬාරුඩේ - කෝලාසුර භයන්කරි
සර්ව පාප හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(ගුරුළා පිට එන්නියට නමස්කාර වේවා - කෝල අසුරයා භයට පත් කල
සියලු පවු දුරුකරන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
3.සර්වඥේ සර්ව වර දේ - සර්ව දුෂ්ඨ භයන්කරි
සර්ව දුක්ඛ හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සියලු ඥානයෙන් යුක්ත වන සියලු වර ලබාදෙන - සියලු නපුර පලවා හරින
සියලු දුක් නැතිකරන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
4.සිද්ධි බුද්ධි ප්‍රදේ දේවි - භුක්ති මුක්ති ප්රදායිනි
මන්ත්‍ර මුර්තේ සදා දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සාර්ථකත්වය බුද්ධිය ලබා දෙන - සතුට විමුක්තිය ලබා දෙන
මන්ත්‍රයන්හි ප්රතිමුර්තියක් වන මන්ත්‍ර තුලින් පැන නගින - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
5.ආද්‍යන්ත රහිතේ දේවි - ආධ්‍ය ශක්ති මහේෂ්වරී
යෝගජේ යෝග සම්භුතේ - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(මුලක් අගක් නැති තරම් අපරිමිත වූ - විශ්ව ප්රාරම්භක ශක්තිය වූ
යෝග තුල වැඩ හිදින්නා වූ යෝග වල ආරම්භය වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
6.ස්ථුල ශුක්ෂ්ම මහා රෞද්රේ - මහා ශක්ති මහෝදරේ
මහා පාප හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(ඉතා විශාල ,ඉතා කුඩා ස්වභා ගන්නා වූ, මහා රෞද්‍ර වූ - මහා ශක්තියෙන් යුතු වූ, මහා සෞභාග්‍යයෙන් යුතු වූ
පවු හරණය කරන්නා වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
7.පද්මාසනස්තිතේ දේවි - පර බ්‍රහ්ම ස්වරුපිනි
පරමේෂි ජගන් මාත - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(නෙලුම් ආසනය මත වැඩ හිඳින - බ්‍රහ්ම ස්වභාවයෙන් යුක්ත වන
මහා උතුම් වූ විශ්ව මාතෘ වන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
8.ශ්වෙතාම්බරධරේ දේවි - නානා ලංකාර භුශිතේ
ජගස්තිතේ ජඝන් මාත - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සුදු වස්ත්‍රයෙන් සැරසුන - විවිද අලංකාර වලින් විභූෂිත වන
විශ්වය සිසාරා පැතිරී පවතින , විශ්ව මාතෘ වන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)
මේ ගාථා හරි විදියට කියන හඬ පටයක් ඩවුන්ලෝඩ් කරගන්න ----> link(මෙතන ක්ලික් කරන්න) . මේ ලින්ක් ඒකට ගිහින් "නිල් පාටින් තියෙන Download" button එක ඔබන්න.
මේ ගාථා ගායනය කරන යම් වත්පිළිවෙත් ටිකක් තියෙනවා. බුදුපහන තියන තැන වගේ තැනක ලක්ෂ්මී දේවියගේ රුපයක් තියලා ඒ ස්ථානය අවට පිරිසිදු කරලා තමන් පිරිසිදු වී මල්, සුවඳදුම් පුජ කරලා වදින ගමන් (පහනක් තියන්නෙපා) ගායනය කරනවානම් හෝ වාදනය වෙන්න සලස්වානවානම් වැඩිය හොදයි. එහෙම නැතත් නිකම් වාදනය වෙන්න සලස්වුවත් කමක් නෑ. හැබැයි මේ ගාථා කියන හෝ වාදනය වෙන වෙලාවේ ඒ ස්ථානය අනිවර්යෙන් පිරිසිදු විය යුතුයි. තමන් පිරිසිදුවට ඉන්නත් ඕනි. ඒකට හේතුව මේ ගාථා ගයනකොට/වාදනය වෙනකොට එතනට දෙවියන් වඩිනවා. හැබැයි දෙවියන්ට පහනක් තියනවා වගේ පේ වෙලා කැපවෙලා කරන්න ඕනි නෑ. මස් මාළු කෑවට කමක් නෑ. හැබැයි කාපු ගමන්ම කියන්න හොඳ නෑ. පිළි ගතිය, පිළි ගඳ නැති උනාට පස්සේ කියන එක / වාදනය කරවන එක තමා හොඳ. පහනක් තියනකොට එක දවසක් මග ඇරුනම දඬුවම් කරනවා වගේ මේකෙදි දඬුවම් දීමක් නෑ. ඒත් හැමදාම කරනවානම් ප්‍රතිපල හොදයි.
මේ ගාථා 8 දවසකට එක් වරක් කියනවට/ වාදනය කරනවට වඩා ප්‍රතිපල ලැබෙනවා දවසට දෙවරක් කරනවම්. ඊටත් වඩා ප්‍රතිපල සහිතයි 3 වරක් කරනවානම්. දවසට 3 වරට වඩා කිවුවට /වාදනය කලාට ප්‍රතිපලයේ වැඩිවීමක් නෑ. එක්වරක් ගායනා කිරීමෙන් ජිවිත ගැටළු නිරාකරණය වෙන බවත් දෙවරක් ගායනා කිරීමෙන් සෞභාග්‍ය ඇතිවෙන බවත් 3 වරක් ගායනා කිරීමෙන් මහා ලක්ෂ්මී දේවියගේ පැමිණීම සිද්ධ වෙන බවත් මේ ගාථා 8ට ඍෂිවරයන් විසින් ඈඳපු තවත් ගාතාවක සඳහන් වෙනවා. ඒ බව ගාථා කියන කොට වාර ගණන වෙනස් වෙනකොට අත්දකින්න හම්බෙනවා.
ඊට අමතරව ලක්ෂ්මි දේවිය වන්දනා කරන බලගතු මන්තරයක් වෙන ලක්ෂ්මි ගයාත්‍රි මන්ත්‍රය දිනපතා වාදනය වෙන්න සැලැස්වීම මගිනුත් ලක්ෂ්මි දේවාකර්ෂණය ලබාගන්න පුළුවන්. නිවැරදි ආකාරයට මන්ත්‍රය උච්චාරණය කරන වීඩියෝවක් හා ලක්ෂ්මි දේවිය වන්දනා කරන කණකධාරා මන්ත්‍රය මේ link වලින් ගන්න:-
ලක්ෂ්මි ගයාත්‍රි මන්ත්‍රය (මෙතන ක්ලික් කරන්න )
කණකධාරා මන්ත්‍රය (මෙතැන ක්ලික් කරන්න)
මේ ගාථා දිනපතා භාවිත කරන ගමන් හැමදාම තමන් කරන පින් මහා ලක්ෂ්මි දෙවියන්ට අනුමෝදම් කරන්න. මුදල් අවශ්‍යතා තියෙන අයට මුදල් දෙන්න, යාචකයන්ට මුදල් දෙන්න, පිංකම් වලට පුළුවන් විදියට මුදල් දෙන්න, පුළුවන් විදියට දාන මාන දෙන්න. මේ වගේ පිංකම් තමන්ට පුළුවන් ප්‍රමාණෙන් කරලා ඒ පින් මහා ලක්ෂ්මි දේවියට අනුමෝදම් කරන්න. ඒ මගිනුත් දෙවියන්ගේ ප්‍රසාදයට පත්වෙන්න පුළුවන්. මල් පහන් පුජා කරනවාට වඩා දෙවියන් කැමති පින් අනුමෝදම් කිරීමට.
මෙවැනි තවත් දේ ගැන දැනගැනීමට අපගේ යුටියුබ් නාලිකාවට එකතුවන්න :-
- Get link
- X
- Other Apps
Comments
ලිපියට ස්තූතියි..යම් යම් දේවල් ගැන දැනුවත් උනා..
ReplyDeleteතෙරුවන් සරණයි..
මම
නිමාෂා..
මං ඉන්නේ මගේ ගෙදර නෙවේ.. නැන්දලගේ ගෙදර. ඉතින් මට ලක්ෂ්මි දේවතාවියගේ රූප තියනන වගේ දේවල් කරන්න අමාරුයි ..
ReplyDeleteඒම තියන්නේ නැතිව.. හිතේ භක්තියෙන් , මේක දවසට 3න් පාරක් වාදනේ කලොත්, කුමක් හෝ ප්‍රතිපලයක් ලැබෙයිද ?
ඒත් කමක් නෑ. තමන් පිරිසිදු වෙලා පිරිසිදු තැනක කරන්න. ප්‍රතිඵල තියෙනවා.වාදනය වෙන වෙලාවේ ලක්ෂ්මි මාතාව මතක් කරගෙන වැදගෙන ඉන්නවනම් හොදයි
Deleteබොහොම පිං .. මන් ලක්ෂ්මි මාතාවගේ රූපයක් මොනිටර් එකට දාල.. වාදනය කළා අද.. එහෙම කලාට ප්‍රශ්නයක් නැද්ද.. තව දෙයක් තියේ දැන ගන්න..දවසට තුන් වරක් වාදනය කරන්න කියන්නේ.. එක පිට තුන් වරක්ද.. නැති නම්, උදේ, දවල් , හවස කියල තුන් වරක්ද ?
Deleteකැමති විදියක් කරන්න. එකදිගට කලත් කමක් නෑ උදේ දවල් හවස කලත් කමක් නෑ
DeleteVishnu deviyanta pahana thiyana thanin
ReplyDeleteLakshimideviyage pinthurakay thiyala wandena kekata kamak nadde
kAMAK NE
Deleteමෙය කිරිමට නියමිත වේලාවක් තියේද...දවසට එක වරක් 3 වරකට වඩා වැඩ් වාරගානක් වාදනය කලාට කමක් නැද්ද.නැත්නම් උදය. සවස.රාත්‍රි. හඩ පටය දමා වන්දනා කරන්න ඔනෙද.
ReplyDeleteඑහෙම නියමිත වෙලාවක් නෑ. 3 පාරට වඩා කලට කමක් නෑ
DeleteKili welata ahuunoth gataluwakde
ReplyDelete..
Kili welata ahuunoth gataluwakde
ReplyDelete..
post eka hariyata kiyawanna. uttare thiyenawa
DeleteYogithumani, link eka weda karanne naha.
ReplyDeleteයෝගීතුමනි, මෙම ස්තෝත්‍රය ගයන කරන ක්‍රම කීපයක්ම youtube එකේ තිබෙනවා. හරිම ක්‍රමය තිබෙන ලින්ක් එක නැවත දමන්න. මේ වගේම ශිව, කතරගම ආදී දෙවියන්ට පුදන නිවැරදී සුත්‍ර පිළිබඳවද කාරුණිකව පැහැදිලි කරන්න. බුදු සරණයි.
ReplyDeletenil pata download button eka obanna
Deleteplease put a link again. link doesent work after going to link.go for ads.can not download
ReplyDeletelink contains Virus y is that it will try to install browser extension that is virus
ReplyDeletepress the blue color download button
DeleteHoda hithin onema yahapath kriyawak kaloth wardinne na. Thawa tawath mewani de idiripath kirimata lebewa kiya prarthana karanawa. Teruwan saranai!!!
ReplyDeletebohoma sthuthi.....
Deletemewni dewal thawa thawath idiripath korimata labewa kiya prarthana karnawa.teruwan saranai!!!
ReplyDeletebohoma sthuthi...
DeleteHoda hithin onema yahapath kriyawak kaloth wardinne na. Thawa tawath mewani de idiripath kirimata lebewa kiya prarthana karanawa. Teruwan saranai!!!
ReplyDeletebohoma sthuthi
DeleteLink aka danna puluwanda
ReplyDeletelink eka dala thyenne.post eke link kiyala tyena tena clik karanna
Deleteමේකෙන් ඇත්තටම ප්‍රථිපල තියෙනවා ඔබ තුමාට පිං. මට යමක් දැනගන්න ඕනි මගේ ළඟ වලම්පුරියක් තියෙනවා දකුණට කැරකුණ හොඳ එකක් පරම්පරාවෙන් ලැබුන එක බුදුපහන තියෙන තැන තිබ්බට කමක් නැද්ද ? එයින් ප්‍රතිපලයක් තියෙනවද ?
ReplyDeletethiyana eka hodai. budupahana laga thiyanawata wada lakshmi deviyange rupayak laga tyanawanan hodai
Deleteස්තුතියි . තව දෙයක් දැන ගන්න ඕනි... පොඩි ලක්ෂ්මි දේව පිළිමයක් තියාගෙන පහන් පත්තු නොකර හඳුන්කුරු සුවද දුම් පත්තු කර මේ වන්දනාව කරාට කමක් නැද්ද ?
Deletekamak ne. maluth puja karanna
Deletesthuthi
DeleteYogi thumani mama laga valam puriyak thiyenava akata kohomada puda puja karanne oyata pin sidda venava agana mata danuvath karanna
ReplyDeletehak gedi walampuri lakshmi deviyangeth sankethayak. e hinda oka lakshmi deviyanta puja karala lakshmi deviynage pilimayak ho pinturayak es mattamta ihalin tyena widiyata pujasanayak/pahan pelak hadala etana lakshmi deviyanta mal puja karanna hemadama. etana oka tyala tyanna. deviyanta pahan tyana piliweth dannawanam vitarak pahanak tiyanna. nettan pahanak tyannepa. hemadama maha lakshmi ashtakam daanna. pinkam kalaama lakshmi deviyanta pin anumodam karanna.
Deletebus wala salli illana ayata, sigana ayata, ho wenath onema kenekta salli awasya wela wala salli dila e pin lakshmi deviyanta anumodam karanna.
owa karala lakshmi deviyagen pihita illanna mudal ha sartakatwaya labenna
me ashtaka gatha sinhalen kivvoth e dewakarshanaya labenawada ?
ReplyDeletenene ehema wedak ne
DeleteObage mewani deyn apa danuwath karanawata godak pin.man gana pathiyanta wandana karanawa.e sthanema lakshmi manige pinturayak thiyala wandana karata kamak nadda.
ReplyDeletekamak ne
DeleteLink aken download wenne nane
ReplyDeleteobata godak pin.theruwansaranai.
ReplyDeletehttps://drive.google.com/file/d/1RAdF0z4fXOLaxxeEAbFJLYzmBSVl4fkg/view?usp=drivesdk
ReplyDeleteBalanna be
Deletehttps://drive.google.com/open?id=1RAdF0z4fXOLaxxeEAbFJLYzmBSVl4fkg
ReplyDeleteලක්ෂ්මි මෑණියන්ව අැදලා එයට මල් පූජ කළාට කමක් නැද්ද?
ReplyDeleteලස්සනට අදින්න පුළුවන් නම් විතරක් කරන්න
Deleteමම ඉන්නේ රට අපිට වන්දනා කරන්න වත් ලක්ෂ්මි මැනියන්ගේ පින්තුරයක්වත් තියන්න බැහැ
ReplyDelete👍
ReplyDelete