- Get link
- X
- Other Apps
Featured Post
- Get link
- X
- Other Apps
එහෙමත් නැත්නම් මානසික ආතතිය නිසා ඇතිවෙන හිසේ වේදනාවල් වගේ දේවල් නිසා වෛද්‍යවරු වෙත යොමු වෙන්න වෙනවා . මේ වෙනුවෙනුත් අධික වියදමක් දරන්නේ වෙනවා . ඒ නිසා සමහර අය එක දොස්තර කෙනෙක් නෙවෙයි රටේම ඉන්න තරම් දොස්තරලා ගාවට යනවා .
ඊට හපන් අද තියෙන අධ්‍යාපන ක්‍රමය . ළමයි හැමවෙලේම යොමු කරන්නේ තරඟකාරී අධ්‍යාපනයට මිසක් නිදහස් සරළ අධ්‍යාපන ක්‍රමයකට නෙවෙයි . මේ නිසා අද කාලේ වෙනකොට පාසැල් සිසුන් පවා මානසික ආභාධ වලට පත් වෙලා තියෙනවා . මේ මානසික ආභාධ වලට හොඳ පිළියමක් තමයි භාවනා කරන එක . ඒවා අතරිනුත් සමථ භාවනා වඩන එක තමයි හොඳම දේ . ඉතින් භාවනා කරන්න මොකක් හරි අරමුණක් එපාය . මේ අරමුණු එක එක දේවල් අපිට යොදා ගන්න පුළුවන් .
ඉතින් අන්න ඒවගේ භාවනා කරන්න අවශ්‍ය වෙන කමටහන් මොනවද කියලා හිත හිත ඉන්න අයට හොද කමටහනක් තියෙනවා . මේක මමත් කාලයක් අත්හදා බලපු එකක් . ඒ නිසා අත්දැකීමෙන් තමයි මේ ගැන විස්තර කරන්නේ . මේ භාවනාවෙන් ඉතාම ඉක්මනට හිත එක්තැන් වෙනවා. ඒ වගේම ඉතාම ගැඹුරට සමාධිගත වෙන්න පුළුවන්. මේ උපකරණය හැමවෙලේම වගේ තමන් ළඟ තියෙන දෙයක් නිසා භාවනා කරන්න ඉතාමත්ම පහසු වේවි . ඒ උපකරණය තමයි ඔරලෝසුව . ඩිගිටල් ඔරලෝසුවක් නෙවෙයි සාමාන්‍ය ඔරලෝසුවක් මේකට ඔනිවෙන්නේ.
භාවනා කරන්න සුදුසු පරිසරයක් නම් වඩාත්ම හොඳයි . ඒ කියන්නේ වෙනත් සද්ද බද්ද ඇහෙන්නේ නැති තැනක් නම් . එහෙමත් නැත්නම් රෑට නිදාගන්න කලින් මේ භාවනාව ටිකක් වෙලා කරන්න .
මුලින්ම ඔරලෝසුවේ කටු වැඩ කරන සද්දයට ඇහුම්කන් දෙන්න . ඒ සද්දය මොකක්ද කියලා හොයාගන්න අපහසුයි නම් ඉස්සෙල්ලම ඔරලෝසුව අතට අරගෙන කනට කිට්ටු කරලා ඒ සද්දය අහන්න . පස්සේ ටිකක් දුරින් තියන්න . එහෙම තියලා ඊට පස්සේ ඒ සද්දයට ඇහුම්කන් දෙන්න .
ඔහොම කරලා ටිකක් දවස් පුරුදු වෙනකොට ටිකක් ඈතින් ඔරලෝසුව තියලා මේ සද්දය අහන් ඉන්න පුලුවන්ද කියලා බලන්න . පස්සේ තවත් ටිකක් ඈතින් තියලා භාවනා කරන ඉරියව්වෙන් ඉඳගෙන භාවනා කරන්න පටන් ගන්න .
ඔරලෝසුවේ කටූ කරකැවෙන සද්දය අහගෙන ඉන්න . ඊට පස්සේ තත්පර කටුව වැඩකරන හඬ ගණන් කරන්න . ඒ ගණන 1 ඉඳලා 60 දක්වාත් 60 ඉඳලා 1 දක්වාත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගණන් කරන්න . මේකත් කාලයක් පුරුදු උනාට පස්සේ ටික ටික ඔරලෝසුවට තියෙන දුර වැඩි කරලා ඇහෙනවද කියලා බලලා මේ විදියට ගණන් කර කර භාවනා කරන්න .
ඔයාලා හිතුවේ නැති තරමට හිත එකඟ කරගන්න මේ භාවනාව උපකාරී වේවි . කන් ඇසීමේ ආබාධ තියෙනවනම් ඒවා සමනය වෙන්නත් මේ භාවනාව උපකාරී වේවි . සංගීතය ඉගෙනගන්න අයට හා වෘත්තීය සංගීතවේදීන්ට මේ භාවනාව තමන්ගේ හැකියා වැඩිදියුණු කරගන්න භාවිත කරන්න පුළුවන්. එකදිගට භාවනාව කලොත් දිබ්බසෝත තත්වය දක්වා දියුණු කරගන්න පුළුවන්.
ලිපියේ සදහන් කර ඇති කරුණු වලට අමතරව පුද්ගලික යෝග උපදෙස්, භාවනා උපදෙස් හා මනෝවිද්‍යාත්මක උපදෙස් ලබාගැනීමට අවශ්‍යනම් Facebook පිටුවට Message කරන්න ( මෙතන ක්ලික් කරන්න )
මෙම ලිපි සම්පුර්ණයෙන් හෝ අඩංගු කරුණු උපුටාගැනීමෙන් හා වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.
- Get link
- X
- Other Apps
Comments
Nice. Will try this.
ReplyDeleteMeya sadaha biththi oralosuwak neda ganne one....
ReplyDeletenene podi oralosuwak
DeleteAth oralosuwak neda..prathamayan keranakota kochera wela keranne oneda...
ReplyDeletepeayak withara
DeleteThis comment has been removed by the author.
ReplyDeletePahasu iriyauwakin kelata kman nadde..
ReplyDelete3eye labagenime bawanawata kalin hitha ekthen karagenime bawanawak widiyata mema bawanaea yodagana puluwn neda
ReplyDelete3rd eye bawanwata kalin meka karala hariyan ne. 3rd eye ekata ekata adaaala shakthi bawana karala hitha ekanga karaganna oni
Deletegodak pin sir
ReplyDeleteMeka tika kalak karala,third eye bawanawata yomu unata kamak nadda
ReplyDelete